Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩොනල්ඩ්ගේ අලුත් ට්‍රම්පට් එක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩොනල්ඩ්ගේ අලුත් ට්‍රම්පට් එක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

ඩොනල්ඩ්ගේ අලුත් ට්‍රම්පට් එක

June 25, 2025
1286 Views

කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකන් යුද හමුදා කඳවුරු කිහිපයකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගම වර්තමාන මැදපෙරදිග යුද්ධයේ හැඩය වෙනස් වී තිබේ. ඇමරිකාව සිය මැදපෙරදිග බල අධිකාරිය කටාර් දක්වාම විහිදුවාගෙන තිබුණේය. මෑතක් වනතුරුම ඇමරිකන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛාවක් කටාර් තුළ පිහිටුවා තිබිණ. ඇමරිකාවට යන කෙනකුට එම ආගමන විගමන කවුළුව හරහා සිය අනන්‍යතාව තහවුරු කරගෙන කෙළින්ම ඇමරිකාවට යා හැකි විය. ඇමරිකාවේදී එම මගීන් ගැන නැවත වරක් විමසීමක් සිදුවුණේ නැත. ඒ අතරම කටාර් රාජ්‍යය තුළ ඇමරිකන් යුද කඳවුරු ද පිහිටුවා තිබිණ. සෞදි අරාබියට පක්ෂපාත සුන්නි ඉස්ලාම් රටවල අදහස වන්නේ කටාර් රාජ්‍යය ඉස්ලාමීය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවයි. එහෙත් ඉතා ධනවත් රාජධානියක් වන කටාර් රාජ්‍යයේ ටි්‍රලියනපති එමීර් සමග හොඳින් සිටීම යහපත් බැවින්, ඇමරිකාව ඉස්ලාමීය ත්‍රස්තවාදය පැත්තකට දමා කටාරය තුළ යුද කඳවුරු පිහිටුවීය. අල්ජසීරා රූපවාහිනිය යනු කටාරයට අයත් ප්‍රබලතම මාධ්‍ය ආයතනයකි. මෙය ටීවී, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු වෙනත් අන්තර්ජාල මෙවලම් සමග ගනුදෙනු කරනු ලැබේ. කටාරය බටහිරට විරුද්ධය. එහෙත් ඇමරිකාව සමග ඔවුන්ට එතරම් ලොකු ප්‍රශ්නයක් නැත. අප දන්නා පරිදි කටාරයේ තිබෙන ඇමරිකන් කඳවුරු සමූහය එමීර්ට වාතයකි. එහෙත් ඇමරිකාව හොඳින් තබා ගැනීම වඩා ඵලදායි දෙයක් නිසා එමීර් කට වසාගෙන සිටිනවා විය යුතුය.

අපට දැනගැනීමට ලැබී ඇති පරිදි ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ. ඉරානයේ තෙල් සහ මැදපෙරදිග රටවල් රැසක තෙල් නැව් යන්නේ මේ කියන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. නැතහොත් ඔවුන්ට තම ගමනාන්තයන් කරා විශාල වටයක් ගැසීමට සිදුවෙයි. මෙහි තිබෙන ප්‍රශ්නය නම් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයේ තනි අයිතියක් ද යන්නයි. පෝක් සමුද්‍ර සන්ධිය ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා තිබේ. මෙය දෙරටටම අයත්ය. සැතපුම් 22ක් පළල මේ සමුද්‍ර සන්ධිය වැසීමට දෙපාර්ශ්වය විසින්ම එකතු වී තීරණයක් ගනු ලැබිය යුතුය. එසේ තිබියදී ඉරානය ඒකපාර්ශ්වික තීන්දුවකින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, එම සමුද්‍ර සන්ධියෙන් ප්‍රයෝජන ගන්නා සෞදි අරාබිය ඇතුළු තෙල් නිපදවන රටවල් රැසක අප්‍රසාදයට හේතු වී තිබේ. චීනය තනිකරම යැපෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරානය යවන තෙල්වලිනි. හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීම, එම සමුද්‍ර සන්ධියෙන් යැපෙන රටවල් ගණනාවකම ඉදිරි බංකොලොත්භාවයට හේතු වනවා ඇත. ඉරානය තීරණ ගන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ අවශ්‍යතාව අනුව නොව ස්වකීය අවශ්‍යතාව මතය. මරාගෙන මැරෙන්නට කැමති ජනතාවක් ඊශ්‍රායලයේ හෝ ඇමරිකාවේ නැත. ඒ රටවල සිටින්නේ ජීවත්වීමට ප්‍රිය කරන ජනතාවකි. එහෙත් මරාගෙන මැරීමට ප්‍රිය කරන මිනිස්සු දහස් ගණනින් ඉස්ලාමීය අන්තවාදය තුළ සිටිති. ලංකාවේ මොහොමඩ් සහරාන් පාස්කු බෝම්බය පුපුරවා කට්ටියක් මරාගෙන තමනුත් මැරෙන්නේ ඒ නිසාය. මේ නිසා ඉස්ලාම් අන්තවාදය සමග ගනුදෙනු කිරීම බොහෝ ප්‍රවේශමෙන් කළයුතු කාරණයක් බවට පත්වේ.

ඇමරිකාව විසින් ඉරානයට පහර දෙන ලද්දේ කවර හේතුවක් මත දැයි තවමත් පැහැදිලි නැත. ඊශ්‍රායලය සහ ඉරානයට එදිරිවාදිකමක් තිබිණ. එයට හේතුව හමාස් සහ හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධාන ඊශ්‍රායලයට පහර දෙනවිට ඉරානය ඔවුන්ට ආයුධ සහ මුදල් ලබාදීමය. මේ මුදල් යනු කෙළින්ම ඇමරිකන් ඩොලර්ය. ජාත්‍යන්තර යුද අවි බ්ලැක් මාර්කට් එකේදී ඇමරිකන් ඩොලර් ගෙවා ගැනීමට පුළුවන. ඒ නිසා ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීම පසුපස ඔවුන්ට ආවේණික වූ සාධාරණ හේතුවක් ඇත. එහෙත් ඇමරිකාව සහ ඉරානය අතර මෑත කාලීනව අලුත් ප්‍රශ්න තිබුණේ නැත. 1979දී ඉරානයේ සිටි ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය අයතුල්ලා කුමේනිගේ නායකත්වය යටතේ ඉරානයේ බටහිරවාදී ෂා රජු පලවා හැර එතැනින් නොනැවතී ඉරානයේ තිබූ ඇමරිකන් තානාපති කාර්යාලය ද පලවා හැරියේය. මින්පසු අවස්ථා කිහිපයකදී ම ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පනවන ලදී. මේ මොහොතේදී ඇමරිකාව කියන්නේ ඉරානය න්‍යෂ්ටික බලාගාර කීපයක් මගින් න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ කටයුතුවල නිරත වන බවය. එය ඉරානයේ සාධාරණ අයිතියක් බව රුසියන් ජනාධිපති පුටින් කියයි. බලයට පත්වනවිට තමන් කිසිලෙසකවත් වෙනත් රටවල යුද්ධවලට මැදි නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේය. එහෙත් මේ වනවිට මැදපෙරදිග යුද්ධයේ WAR LORD බවට පත්ව සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. එසේ වුවද ඉරානය සමග සටන් විරාමයකට යන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ වනවිට ට්‍රම්ප්ගේ වචන විශ්වාස කළ නොහැක. ඉරානය සම්බන්ධයෙන් සති දෙකකට පමණ පසු තීරණයක් ගන්නා බව කියා පැය 24ක් ගතවීමට පෙර ට්‍රම්ප් ඉරානයට පහර දුන්නේය. ඒ අතර තවත් සමහරුන්ගේ මතය වන්නේ ට්‍රම්ප් ඇමරිකානු ඒකාධිපතිත්වය ගොඩනැඟීම සඳහා සියලු රටවල්වලට පහර දී යටත් කර ගැනීමට ඉඩ තිබෙන බවය. එසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී පිඹින්නේ තමන් පළමුවර බලයට පැමිණ සිටියදී පිඹින ලද ට්‍රම්පට් එක නොවේ. මෙවර ඔහු පිඹින්නේ වෙනම ට්‍රම්පට් එකකි. සටන් විරාමයකට ඊශ්‍රායලය හා ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කළේය. ‘මැද පෙරදිග කලාපයම විනාශ කරමින් අවුරුදු ගණනක් පැවතිය හැකි යුද්ධයක් දින 12ක යුද්ධයකට සීමා කිරීමට තම කැපවීම වුවමනාව පෙන්වූ ඊශ්‍රායලයට හා ඉරානයට මම සුබ පතනවා’ ඔහුගේ දීර්ඝ සඳහනේ එසේ ද සඳහන්ව තිබිණි. යුද්ධය වෙනුවට ‘සාමය’ අපේ ද ප්‍රාර්ථනාවයි. එබැවින් සටන් විරාමය ‘සාමය’ම තහවුරු කරන්නක් වේවා.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025
Related News
කතුවැකි

සෞඛ්‍ය ඇමැතිගේ අවධානය පිණිසයි

කතුවැකි

ජය පරාජයකින් තොර තුන්වන ලෝක යුද්ධය

කතුවැකි

එදා ට්‍රම්ප් සහ මෙදා ට්‍රම්ප්

කතුවැකි

ජනතා සල්ලිවලින් හමන දේශපාලන සැන්.පවුඩර් සුවඳ

කතුවැකි

මරණ මංචකයේදී සිහිවන සේනක බිබිලේ ප්‍රතිපත්තිය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok