Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?

June 24, 2025
252 Views

දිනෙන් දින උග්‍රඅතට පත්වන මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් ලෝක ආර්ථිකයට කුමන බලපෑමක් එල්ල කරයි ද? බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින අප රටට මෙම යුදමය වාතාවරණයේ බලපෑම කෙබඳු ද? මෙම කරුණු සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සේමසිංහ වන්නිනායක මහතා සමඟ පැවැත්වුණු සංවාදයකි.

ඉරානය ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිග කලාපය ගෝලීය ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

මැද පෙරදිග කලාපය ගෝලීය ආර්ථිකයේ ප්‍රධානතම පාර්ශ්වකරුවායි. ලෝක ආර්ථික යාන්ත්‍රණයේ ප්‍රමුඛතම යෙදවුම් වන ඛණිජ තෙල් සහ බලශක්ති නිෂ්පාදන සහ සැපයුම් දාමයේ කේන්ද්‍රය වන්නේ මැදපෙරදිග කලාපයයි. ඛණිජ තෙල් හා ගෑස් නිධිවලින් වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ මෙම කලාපය තුළ යි. සවුදිඅරාබිය, කටාර්, සහ ඉරානය යන රටවල් මේ අතරින් ප්‍රමුඛත්වය හිමි කර ගන්නවා. ස්වභාවික ගෑස් නිධි බහුලව පිහිටා තිබෙන්නේ කටාරයේ සහ ඉරානයේ. ලෝක ඛණිජ තෙල් සැපයුමෙන් සියයට 30කට ද ස්වභාවික ගෑස් සැපයුමෙන් සියයට 17කට ද දායක වන්නේ මේ කලාපයයි. ඒ වගේම අඩුම පිරිවැයක් සහිත ඛණිජ තෙල් සහ ගෑස් සම්පත් පවතින්නේ මේ කලාපයේ යි. OPEC සංවිධානයේ බහුතර රටවල් මැදපෙරදිග කලාපයට අයත් වන අතර ලෝක ඛණිජ තෙල් සැපයුමෙන් සියයට 40කට පමණ දායක වන්නේ OPEC සංවිධානයට අයත් වන රටවල්. එම කලාපයෙන් සැපයෙන ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලංකාව වැනි බොහොමයක් රටවල ප්‍රධාන විදේශ විනිමය සැපයෙන මූලාශ්‍රයි. ඒ වගේම මෙම කලාපයේ රටවල් ඉහළ ඒකපුද්ගල ආදායමක් සහිත රටවල් වන නිසා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා මෙම රටවල පවතින්නේ විශාල වෙළෙඳපොළක්. මේවායින් ගම්‍ය වන්නේ මෙම කලාපය ලෝක ආර්ථිකයේ සුවිශේෂී කලාපයක් බවයි. මෙම කලාපයේ රටවල් හැමවිටම සක්‍රීය සහ ගතික ස්වරූපයක් උසුලන්නේ ඒ නිසයි. ඊශ්‍රායලය මැද පෙරදිග රටක් වුවත්, සමස්තයක් වශයෙන් එය ලෝක ආර්ථිකයේ සුවිශේෂී පාර්ශ්වකරුවෙක් නොවෙයි. ඊශ්‍රායලය නිරන්තරයෙන් කතාබහට ලක් වන්නේ කලාපයේ සමහර රටවල් සහ ඊශ්‍රායලය අතර ඇති වන ගැටුම් නිසයි. මෙම කලාපයේ ඇතිවන ඉතා සුළු තිගැස්මක් පවා ලෝක ආර්ථිකයට ඍජුවම අහිතකර ආකාරයෙන් බලපාන බව නොරහසක්. මෙම කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද උණුසුම පිළිබඳ ලෝකයම භීතියකින් පසු වන්නේ ඒ නිසයි.

මහාචාර්ය – සේමසිංහ වන්නිනායක
අංශාධිපති
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

කොවිඩ්වලින් බිඳ වැටුණු ලෝක ආර්ථික තත්ත්වයට වර්තමාන යුදමය තත්ත්වයන් කෙසේ බලපායි ද?

ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය කොවිඩ් වසංගතය නිසා ඇති වූ පසුබෑමෙන් මිදී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවත්නා මේ අවස්ථාවේ මැදපෙරදිග කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙමින් පවත්නා යුදමය තත්ත්වය තනි තනි රටවල් මෙන් ම ලෝක ආර්ථිකය ද නැවතත් දුර්වල කිරීමට හේතු වෙන්න පුළුවන්.

රුසියාව සහ යුක්රේනය අතර පවත්නා ගැටුම ගෝලීය ආර්ථික ඉලක්ක කරා යෑම අවහිර කිරීමට හේතු වුණා. ඉරාන – ඊශ්‍රායල ගැටුම මේ වන විටත් ඛණිජ තෙල් නිෂ්පාදනය සහ සැපයුමටත් ගුවන් ගමන්වලටත් බාධා පමුණුවා තිබෙනවා. ඒ වගේම කලාපයේ අනෙකුත් රටවල් ද අවදානමකට සහ අනාරක්‍ෂිත බවකට පත්ව තිබෙනවා. සිය ගණනක් ජීවිත හානි සිදුවෙලා. භෞතික සම්පත් විශාල වශයෙන් විනාශවෙලා. මේවා නැවත ගොඩනැගීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම යුද ක්‍රියාකාරකම් නිසා දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවෙලා. විශේෂයෙන්ම එම රටවල විගමනික සේවකයන් අසීරුවට පත්ව තිබෙනවා. ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සංචාරක කර්මාන්තයටත් බාධා පැමිණ තිබෙනවා. මේවා නිශ්චිතවම ගෝලීය ආර්ථිකය දුර්වල කිරීමට හේතු වියහැකියි.

ලෝකයේ තෙල් හා ගෑස් නිපදවන ප්‍රධාන රටවල් යුද්ධයකට පැටලීමෙන් ලෝක බලශත්ති වෙළෙඳපොළ වෙත කෙරෙන බලපෑම මොනවගේ වෙයි ද?

ලෝක ඛණිජ තෙල් සැපයුමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ සවුදි අරාබිය, ඉරානය, ඉරාකය සහ එක්සත් අරාබි එමීරය යි. ප්‍රධාන ගෑස් සැපයුම්කරුවන් වන්නේ ඉරානය සහ කටාරයයි. යුද උණුසුම මතු වී ඇත්තේ මේ කලාපය තුළයි. පෙළ ගැසෙමින් පවත්නා සිදුවීම් අනුව පෙනී යන්නේ මෙය දීර්ඝකාලීන ගැටුමකට පරිවර්තනය වීමට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් නිශ්චිතවම ඛණිජ තෙල් සහ ගෑස් බෙදාහැරීම අවහිර වී සැපයුමට බාධා ඇති වෙනවා. දැනටමත් ඛණිජ තෙල් මිල සියයට 18ක් පමණ ඉහළ යමින් බොර තෙල් බැරලයක මිල ඩොලර 79.04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග තත්ත්වය වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. බාහිර පාර්ශ්වයක් වන ඇමෙරිකාව මේ ආකාරයෙන් මැදිහත් වීම රුසියාව, චීනය, පාකිස්ථානය යනාදී ඉරානයට හිතවත් රටවල් ද සම්බන්ධවීමට ඉඩකඩ විවර කිරීමක්. එසේ වුවහොත් මෙය ලෝකයට බරපතළ විනාශයක් ගෙන ගැටලුවක් විය හැකියි. ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඛණිජ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් සියයට 20ක් සිදු කෙරෙන හෝමුස් (Hormuz) සමුද්‍රසන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. එසේ වුවහොත් නිශ්චිතවම ඛණිජ තෙල් සහ ගෑස් බෙදාහැරීම අවහිර වෙනවා. එවිට විශේෂයෙන්ම ආසියාවේ ඉන්ධන සැපයුමට බාධා ඇති විය හැකියි. විකල්ප මුහුදු මාර්ග හරහා ඉන්ධන ප්‍රවාහනය ඉතා අධික වියදම් සහිත යි. මේ නිසා ඉන්ධන මිල සියයට 80කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා. ඉන්ධන නිෂ්පාදනය හා පිරිපහදු කිරීමට බාධා පැමිණියහොත් තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්.

යුද්ධයට සම්බන්ධ නොමැති මෙම කලාපයේ නොවන රුසියාව, වෙනිසියුලාව, තුර්කිය, කසකස්ථානය යනාදී අනෙකුත් තෙල් අපනයනය කරන රටවලට ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම සපුරාලීමට හැකි වෙතැයි සිතන්න බැහැ. කෙසේ වුවත් තෙල් සංචිත පවත්වා ගෙන යන ඇමෙරිකාව වැනි රටවල් තමන්ගේ සංචිත මුදාහැරීමට කටයුතු කළහොත් තාවකාලිකව මිල තරමක් පාලනය කර ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවත් යම්කිසි ආර්ථික ස්ථාවරයකට පත්වීමට උත්සහ දැරුවා විතරයි ?

පැහැදිලි ලෙසම අපේ රටේ ආර්ථිකයට ඍජුවම හා දැඩිව අහිතකර ආකාරයෙන් බලපානවා. මෑත දශක කිහිපය ගත්තහම අපේ රට එම කාලය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත් ස්ථාවර රටක්ව තිබුණේ නැහැ. සත්‍ය තත්ත්වය එයයි. විවිධ උත්සාහයන් කැපකිරීම් මධ්‍යයේ වව ද තවමත් අපේ ආර්ථිකය අවම වශයෙන් 2022ට පෙර පැවති තත්ත්වයටවත් ඇවිත් නැහැ.

යුදමය තත්ත්වය දිග්ගැස්සුණොත් නැවතත් රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති විය හැකියි. එහි ආර්ථික හානිය කොතෙක් ද යන්න අපි අත්විඳලයි තියෙන්නේ. 2022 ආර්ථික පරිහානියෙන් වැඩි කොටසකට හේතු වූයේ ඉන්ධන අර්බුදය. ඒ නිසා මේ හරහා අපේ ආර්ථිකය නැවතත් අර්බුදයට යාම වැළැක්විය නොහැකි යි. විශේෂයෙන් ම අපේ විදේශ විනිමය ඉපැයීම් රඳා පවතින්නේ මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගත් විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය මතයි. මැදපෙරදිග කලාපයේ රටවල ලක්‍ෂය ඉක්මවූ පිරිසක් රැකියා කරනවා. අපේ රටේ අලුතින් නිර්මාණය වූ විදේශ රැකියා වෙළෙඳපොළ වන්නේ ඊශ්‍රායලයි. මේ වන විටත් එහි විසිදහසක පමණ පිරිසක් රැකියා කරනවා. මොවුන්ගේ රැකියා අස්ථාවර වුවහොත් රටට විදේශ විනිමය අහිමි වෙනවා පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වයට ද අහිතකරව බලපානවා.

මෙම යුදමය තත්ත්වයට මැදිව සිටින්නේ අපගේ ප්‍රධාන ගැනුම්කරුවන් අපේ අපනයන ක්ෂෙත්‍රයට මෙම වාතාවරණය බලපාන්නේ කොහොම ද?

ඇත්තටම මැදපෙරදිග ද ඇතුළු අරාබි රටවල් සහ ඉරානය අපේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්. අපේ තේ අපනයනයෙන් සියයට තුනක් මිලට ගන්නේ ඉරානය. ඒ විතරක් නොවේ අපේ ප්‍රධාන ඛණිජ තෙල් සැපයුම්කරුවෙක්. 2021 සිට තෙල් සඳහා තේ (Oil for Tea) ගිවිසුම යටතේ අපට තේ සඳහා තෙල් සැපයීම සිදු කරනවා. මැදපෙරදිග කලාපය තුළ යුද උණුසුමක් ඇති වුවහොත් තේ අපනයන වෙළෙඳපොළට සැලකිය යුතු ආකාරයෙන් බලපානවා. දැනටමත් තේ මිල පහළ ගොස් ඇති බවට වාර්තා පළ වෙනවා. යුදමය තත්ත්වය උත්සන්න වුවහොත් අපේ තේ කර්මාන්තය පසුබෑමට ලක්වීම නොවැළැක්විය හැකි යි.

මේ මොහොතේ අපගේ ආර්ථිකය ශක්තිමත් කරගත යුත්තේ කොහොම ද?

ඉදිරි කාලය මෙරට ආර්ථිකයට ඉතාමත් තීරණාත්මකයි. දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම 2028 වර්ෂයේ ඉඳන් ආරම්භ කිරීමට සිදු වෙනවා. IMF සැලසුම් අනුව නිසි පරිදි ආර්ථිකය ක්‍රියාත්මක වූවා නම් එය එතරම් අසීරු කාර්යයක් නොවීමට ඉඩ තිබුණා. නමුත් අපගේ පාලනයෙන් බැහැර අනපේක්‍ෂිත තත්ත්වයන් එය අසීරු තත්ත්වයට පත් කළ හැකියි.

බාහිර හෝ අභ්‍යන්තර බාධක පවතින විට කිසිම ආර්ථිකයක් පූර්ණ ධාරිතාවෙන් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වන්නේ නැහැ. මැදපෙරදිග ගැටුමට අමතරව ට්‍රම්ප් විසින් ආනයන සඳහා පනවන ඉහළ තීරු බද්ද මෙරට ආර්ථිකයට අහිතකරව බලපාන තවත් අනපේක්‍ෂිත සංරෝධකයක්. ට්‍රම්ප් ලබා දුන් දින 90 කාලය ක්‍රමයෙන් ගෙවී යන බැවින් එම අභියෝගයට මුහුණදීම සඳහා ගත යුතු උපායමාර්ගික පියවර මොනවා ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යි.

මැදපෙරදිග යුද්ධය දීර්ඝ කාලයක් පැවතුණොත් අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ගත යුතු උපක්‍රමික පියවර මොනවාද යන්න ගැන ද අවධානය යොමු කළ යුතු යි. අපේ ආර්ථිකයේ දැඩි දුර්වල බව නිසාම එය ඉතා සංකීර්ණයි. ඉන්ධන සහ ගෑස් සඳහා විකල්පවලට ප්‍රවේශවීම පහසු කාර්යයක් නොවෙයි. ලෝක භූ දේශපාලනය තුළ එය කෙතරම් අසීරු ද යන්න වටහා ගැනීමට හොඳ උදාහරණයක් වන්නේ රුසියානු රජය එකඟ වුවද අපට තවමත් රුසියාවෙන් ඉන්ධන මිලට ගැනීමට අවකාශ නොලැබීමයි.

ඉරාන – ඊශ්‍රායල ගැටුම ලෝක යුද්ධයක් දක්වා වර්ධනය නොවනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ ප්‍රාර්ථනයයි. එම රටවල ප්‍රශ්නවලට විසඳුම යුද්ධය මගින් නොව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඇති කර ගත යුතු ය යන්න බහුතර පිරිසගේ මතයයි. යම් හෙයකින් දීර්ඝ කාලයක් දක්වා ඇදෙන ගැටුමකට පරිවර්තනය වුවහොත් එය අපේ රටේ ආර්ථිකයට එය මරු පහරක් වනවා. මැද පෙරදිග කලාපයට සිදු කෙරෙන අපනයන, එම රටවලින් සිදු කෙරෙන විදේශ විනිමය ප්‍රේෂණ, සංචාරක කර්මාන්තයට කෙරෙන දායකත්වය යනාදියට බාධා ඇතිවීම එයට ප්‍රධාන හේතුවයි. ගොඩනැගෙමින් පවත්නා තත්ත්වය සියුම්ව විමර්ශනය කරමින් යෝග්‍ය පියවර ගැනීම සහ එයට සහායවීම අදාළ පාර්ශ්වවල වගකීමයි.

රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විශේෂාංග

මාර්ගගත අධ්‍යාපනය කොයිබටද?

විශේෂාංග

වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

විශේෂාංග

වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි

විශේෂාංග

ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය

විශේෂාංග

අරගලයේ කුමන්ත්‍රණකාරී පැහැර හැරීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok