Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි

June 24, 2025
104 Views

රාජ්‍ය – පෞද්ගලික – ප්‍රජා සහයෝගයෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුප්පිටියාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති සියඹලාගස්වැව වනාන්තරය සහ එයට ආසන්න භූමි ප්‍රදේශය ආවරණය වන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. මෙය රාජ්‍ය – පෞද්ගලික – ප්‍රජා සහයෝගිතාවක් මත ක්‍රියාත්මක වී ඇති අතර ජාතික හා ගෝලීය පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේදී සිදුකෙරුණු පුරෝගාමී වන උත්සාහයක් බව ඉකුත්දා කොළඹ HSBC හොංකොං සහ ෂැංහයි බැංකු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ දියත් කළ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් වන්නේ හායනයට ලක්ව තිබී නැවත ප්‍රතිස්ථාපනය කරන ලද සියඹලාගස්වැව වනාන්තරය නෛතිකව සංරක්ෂණය කරගැනීමේ පළමු අදියර ලෙස එහි සීමා ස්ථිරකරණය සඳහා මායිම් ලකුණු පිහිටුවීමය. මෙය සොබාදහම මත පදනම් වූ විසඳුම් (Nature-based Solutions-NBS) භාවිතයෙන් වනාන්තර භූ දර්ශන ප්‍රතිසංස්කරණයෙහි නව ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වන Project CORE – Climate-Smart
Opportunities through Restoration and Education යන ව්‍යාපෘතිය යටතේ සිදුවන්නකි. එය HSBC ශ්‍රී ලංකා මූල්‍ය ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් සහ සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සහයෝගයෙන් සිදු කෙරෙන්නකි.

2021 වසරෙදී දී ආරම්භ වී ඇති මෙම ව්‍යාපෘතිය තුළ තුප්පිටියාව ග්‍රාම නිලධාරී වසමේ කිඹුල්වැව එල්ලංගා පද්ධතියට අයත් හායනය වූ වනාන්තර භූමි ප්‍රදේශ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (NBS) ආශ්‍රයෙන් නැවත ප්‍රතිස්ථාපනයට (Forest Landscape Restoration-
FLR) ක්‍රියාමාර්ග සකස් කර ඇත. එහි අරමුණු අතර ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම, ප්‍රජාගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සහ කාබන් තිර කිරීම ඉහළ නැංවීම ප්‍රධාන තැනක් ගනී.

මෙහි මූලික කාර්යය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති, නමුත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය සියඹලාගස්වැව වනාන්තරයේ හෙක්ටයාර් 35ක් ආවරණය වන ප්‍රදේශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමය. මීට අමතරව ආසන්න ප්‍රජා භූමි ප්‍රදේශයේ හෙක්ටයාර් 100 ක් තුළ ආහාර සඳහා වන වන උයන්, වන – සැළසුම් හා පශු සම්පත් සම්බන්ධ ක්‍රම ජීව වැටි සහ මාර්ග අසල පැල වගා ක්‍රම භාවිතයෙන් ප්‍රතිස්ථාපනය කිරීමද සිදුකිරීමයි. මෙම ක්‍රියාකාරකම්වලට මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහයෝගය ලබාදී ඇත.

මෙය IUCN හි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දියත් කළ පළමු සොබාදහම මත පදනම් වූ විසඳුම් ආශ්‍රයෙන් සිදුකරන ලද පළමුවන ව්‍යාපෘතිය වන බව සහ HSBC ශ්‍රී ලංකා මූලය දායකත්වය සැපයීමෙන් ඔබ්බට යමින් සෘජු සහභාගිත්වයක් ලබා දෙන ලද HSBC කාර්ය මණ්ඩලය ද සහභාගිත්වයෙන් පැල රෝපණය, පාසල් වැඩසටහන් සහ ප්‍රජා නායකයන්ට සම්මාන පිරිනැමීම සඳහා සෘජුව දායකත්වය ලබා දුන් ව්‍යාපෘතියක් බවත් මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා HSBC ශ්‍රී ලංකාහි විධායක ප්‍රධානී මාර්ක් සර්ජනර් මහතා මෙහිදී පැවසුවේ රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගිතාවයක ශක්තිය විදහා පාමින් සොබාදහම පදනම් වූ විසඳුම් වියළි කලාපයට හඳුන්වාදීමේ මෙම ව්‍යාපෘතිය සඳහා තම ආයතනයට සහය දැක්වීමට ලැබීම ගැන තමන් අතිශයෙන් සතුටට පත්වන බවයි. මෙහිදී IUCN- සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ දේශීය නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ, වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ යන මහත්වරු ද අදහස් දැක්වීය.

මෙහිදී අදාළ වනාන්තරය සංරක්‍ෂණය කිරීම පිළිබඳ එකඟතා ලියැවිල්ලට අත්සන් තබා හුවමාරුකර ගැනීම ද සිදුවිය.

  • ජගත්
- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විශේෂාංග

ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?

විශේෂාංග

මාර්ගගත අධ්‍යාපනය කොයිබටද?

විශේෂාංග

වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

විශේෂාංග

ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය

විශේෂාංග

අරගලයේ කුමන්ත්‍රණකාරී පැහැර හැරීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok