Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විශේෂාංග

වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

June 24, 2025
349 Views

ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකීමේ පුරෝගාමී වැඩසටහනක් ලෙස සැලකෙන The Gathering of Giants වැඩසටහන එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතව ඇත. සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුවේ (Seylan Bank) හවුල්කාරීත්වය යටතේ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels& Resorts) මගින් සංවිධානය කරන මෙම සුවිශේෂී වැඩසටහන මෙරට ස්වභාවික සම්පත් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර පද්ධති ආරක්ෂා කිරීම, ප්‍රජාව බලගැන්වීම සහ පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන සංචාරයන් සඳහා උනන්දුව ඇති කිරීමට අරමුණු කර ගත්තකි. 2025 වසර සඳහා වන මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand Colombo) හිදී පැවැත්විණ.

ගෝලීය වශයෙන් හයවන විශාලතම සත්ව එකතුව ලෙස Lonely Planet විසින් නම් කර ඇති මෙය මෙවර පවත්වනු ලබන්නේ තුන්වන වරට වන අතර මේ තුළින් මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වෙත අලි ඇතුන් සිය ගණනකගේ වාර්ෂික සංක්‍රමණය සිදුකිරීම සැමරීම වෙනුවෙන් සංරක්ෂණවේදීන්, සංචාරකයන්, සොබාදම් ලෝලීන් සඳහා අවස්ථාව සලසා දෙනු ලබන බව සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) හි ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා පත්වීමට නියමිත හිෂාන් සිංහවංශ මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව තෙවන වරටත් The Gathering of Giants වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට වනජීවී උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන අපගේ කැපවීම නැවත නැවතත් තහවුරු වනවා. සතුන් නැරඹීමට පමණක් නොව මෙම වැඩසටහන පාරිසරික ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, සංචාරක ව්‍යාපාර පෝෂණය කිරීම සහ ඒවායෙහි දිගුකාලීන වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රජාවන් හා ප්‍රවීනයන් එක් කිරීම මෙම වැඩසටන තුළින් සිදු වනවා. එසේම අප කවුද, අප පෙනී සිටින්නේ කුමක් සඳහාද යන්න

හැඩගස්වන මානුෂීය හා සංරක්ෂණ වැඩසටහන් 35කට අධික සංඛ්‍යාවෙන් එකක් ලෙසත් සඳහන් කළ හැකියි” යනුවෙන් පැවසුවේය.

වනජීවීන් පිළිබඳ තොරතුරු, ප්‍රායෝගික වැඩමුළු සහ මෙරට සුවිශේෂී වනජීවීන් දැකබලා ගැනීමේ විනෝද චාරිකා වැනි දේ පිළිබඳව අත්දැකීම් බෙදාහදා ගත හැකි දින 3ක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක මෙය ඒ සම්බන්ධ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහනෙහි ප්‍රධානතම සාධකය ලෙස සලකනු ලබන්නේ අලි ඇතුන්ය. ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ විවිධත්වය සමරනු ලබන මෙම වැඩසටහන ආසියාවේ ප්‍රමුඛතම වනජීවී දර්ශනය වන විශාලතම ආසියානු අලි එකතුව පිළිබඳ දැනුවත් කිරීම හා සංරක්ෂණය කිරීමේ මූලික මෙහෙවරට සමගාමීව දිවියන් සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබඳ වැඩමුළුද ඇතුළත් වේ.

The Gathering of Giants සඳහා සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සමග වන හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් සහකාර සාමාන්‍යාධිකාරී ආසිරි අභයරත්න මහතා සඳහන් කර සිටියේ මෙවැන්නකි. “සංරක්ෂණය අරමුණු කොටගත් අත්දැකීම් හරහා ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය සුරැකීම වෙනුවෙන් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් හා සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් සමග අඛණ්ඩ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට අපි කටයුතු කළා. 2025 The Gathering of Giants හි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරන අතරම මෙම සහයෝගිතාවය අපගේ කාඩ්පත් හිමියන්ට ලොව ඉහළම වනජීවී “සංදර්ශනවලින්” එකක් වන ආසියාවේ දැවැන්ත අලි ඇතුන් එකතුව දැක ගැනීමට අවස්ථාව උදාවනවා. ඒ වගේම සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් සමග හෙට දවස වෙනුවෙන් නවතම වැඩසටහන් හා සංචාරයන් මෙහෙයවීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති සිනමන් හබරණ පරිශ්‍රය සඳහා සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana) සහ හබරණ විලේජ් බයි සිනමන් (Habarana Village by Cinnamon)ඇතුළත් වන බවත් සොබා දහමේ සුන්දරත්වය මනාව විඳගැනීමේ අවස්ථාව එහි පැමිණෙන අමුත්තන්ට නොඅඩුව ලබා දෙන බවත් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් පවසයි.

මෙම වසරේ වැඩසටහන තුළදී සුවිශේෂී කථිකයන් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර සහභාගි වන්නන් හට තොරතුරු ගවේෂණය කිරීමට හා සංවාද සඳහා එක්වීමටද අවකාශ උදා වේ. Noah Falklind – BBCහි සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පී ශ්‍රී ලංකාවේ දිවියන්ගේ ජීවිතය පිළිබඳ ආකර්ෂණීය ගවේෂණයක් වන Living with Leopards නමැති ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අලි පිළිබඳ විශේෂඥයකු සහ සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ප්‍රීති විරාජ් ප්‍රනාන්දු මහතා මිනිසුන් හා අලි ඇතුන් අතර ඇති සංකීර්ණ සබඳතාව හා ඉඩකඩ බෙදා ගැනීමේ උපාය මාර්ග පිළිබඳ හෙළි කරන අලි ඇතුන් සහ සහජීවනය (Elephants & Coexistence) තුළින් දශක දෙකකට අධික අත්දැකීම් බෙදාගැනීමට කටයුතු කරනු ඇත. කීර්තිමත් පක්ෂි විද්‍යාඥ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න සංක්‍රමණික පක්ෂීන්ගේ අභිරහස් ගමනාන්තයක් සහ ගෝලීය කුරුළු කොරිඩෝවක් ලෙස මෙරට පාරිසරික වැදගත්ම පිළිබඳව සොයා බලන The Avian Migration to Sri
Lanka මෙහෙයවීමට නියමිතය.

මෙම සුවිශේෂ වැඩසටහන අලි – ඇතුන් මින්නේරිය-කවුඩුල්ල ට එකතුවන සමයේ එළැඹෙන ජූලි 25 – 27 දෙදින Cinnamon Lodge Habarana හිදී පැවැත්වේ.

ජගත්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විශේෂාංග

ළමා අපයෝජනයකදී වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පමා නොකළ යුතුයි

අතිරේක විශේෂාංග

සඳ ගමනට වසර 56යි

විශේෂාංග

චමත්කාර රාත්‍රිය වෙනස්ම අත්දැකීමක් – ලක්ෂිත සූරියසේන

විශේෂාංග

ගමේ වැසී යන සිනමාශාලා යළි ඇරඹිය යුතු ඇයි?

විශේෂාංග

ඇල්ෆා බ්ලොන්ඩිගේ ප්‍රසංගය හෙට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok