වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරියේදී ඉහළ යෑමට ඉඩ ඇති බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.
සත්ත්ව ආහාරවල මිල ඉහළ යෑමත් නිසා බිත්තර මිල ද කුකුළු මස්වල මිල ද ඉහළ යෑමට හේතුවන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් පාරිභෝගිකයාට අසාධාරණයක් වන පරිදි කුකුළු මස් හා බිත්තර මිල අධික ලෙස ඉහළ දැමීමට තම සංගමයේ අවසරය වෙළෙඳුන්ට නොදනෙ බව ද ඒ මහතා පැවසීය.
ධර්මසේන වැලිපිටිය