Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 24 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ඩොලර් බිලියනයක යානයෙන් හෙළන කිලෝ දහතුන් දහසක බෝම්බය

June 23, 2025
812 Views

මීට මාසයකට පමණ පෙර, සවුදි අරාබියේ ආයෝජන සංසදයක වේදිකාවේ සිට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. “ඔවුන්ට තෝරා ගැනීමට දැන් කාලයයි. දැන් අපට බලා සිටීමට එතරම් කාලයක් නැහැ. විය යුතු දේවල් ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. ඇමෙරිකාව සහ හිතවත් රාජ්‍යයන්ට ත්‍රස්තවාදයෙන් හෝ න්‍යෂ්ටික ප්‍රහාරයකින් තර්ජනය කිරීමට අපි කිසි විටෙකත් ඉඩ නොදෙමු,” යනුවෙන් එහි සඳහන් විය. ලොව ප්‍රධාන සුන්නි රාජ්‍යයේ සිට ෂියා ඉරානයට ට්‍රම්ප් ජනපති පණිවුඩ යැවීය. මේ පණිවුඩය අසා සවුදි රජය රහසේ සිනාසුනාදැයි අපි නොදනිමු. ඇත්තෙන්ම මැයි 13 වන දින නිකුත් කළ එම පණිවුඩයට විශේෂ අවධානයක් ලැබුණේ නැති තරම්ය. නමුත් ඊශ්‍රයලය ඉරානයට පහරදීම ආරම්භ කළේ ජුනි 13 වැනිදාය. එනම් මේ ප්‍රකාශයෙන් හරියටම මාසයකට පසුවය. එසේම ප්‍රහාර ආරම්භ වී 9 වැනි රාත්‍රියේ ඇමෙරිකානු හමුදාව ලොව දැවැන්තම බෝම්බ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත හෙළනු ලැබීය. ඉරානයට අයත් ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉරාන – ඊශ්‍රායල් ගැටුම ආරම්භයේ සිටම අවධානය යොමුවූ ස්ථානයකි.

භූගතව පිහිටි එම මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කර ඇති බෝම්බ පවතින්නේ ඇමෙරිකාව සතුව පමණක් යැයි යුද විශ්ලේෂකයින් පවසා තිබුණි. ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය කන්දක් අභ්‍යන්තරයේ ඉදිකර තිබේ. මෙම භූගත බලාගාරය වෙත ළඟා වීමට නම් ඇමෙරිකාවට පමණක් හිමි ප්‍රබල “බංකර් නාශක” බෝම්බ අවශ්‍ය වන බව විශේෂඥයන් ප්‍රකාශ කර තිබිණි. ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ, “ෆෝඩෝ ඉවරයි” යනුවෙනි. ට්‍රම්ප් දිගු කලක් තිස්සේ තමා සාමය ඇති කරන්නකු ලෙස විස්තර කර ඇත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? ඉරානයට මැදිහත්වීම ගැන සති දෙකකින් ප්‍රකාශ කරනවා යැයි නිවේදනය කර පැය 24ක් ගතවීමට ප්‍රථම ඇමෙරිකානු ප්‍රහාරයක යානා ක්‍රියාත්මක විය. මෙය විශාල අර්බුදයකි. 2022 යුක්‍රේන යුද්ධය ආරම්භවීමත් සමගම ලංකා වැසියන්ට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය. දැන් ට්‍රම්ප්ගේ බංකර් බස්ටර් බෝම්බ නිසා අපට තෙල් පෝලිම්වල නැවත ලඟින්නට වෙයිද?

එසේම ට්‍රම්ප් ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාරයකට කැමැත්ත පළ කර ඇති බවට පළමු ඉඟියක් අප්‍රේල් මාසයේදී ලැබුණි. අප්‍රේල් 17 වන දින පැවැති රැස්වීමකදී, සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ට සෘජු පණිවිඩයක් ලබා දී තිබිණි. න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා ට්‍රම්ප් කළ යෝජනාව බැරෑරුම් ලෙස සලකන්න, නැත්නම් ඊශ්‍රායලය සමග යුද්ධයකට යෑමට අනිවාර්යයෙන් සිදුවිය හැකිය යන්නයි. වොෂින්ටනයේ නියෝගය මත පණිවිඩය යවන ලැබුවාද නැත්නම් ඉරානයේ නායකයන් එම පණිවිඩය බැරෑරුම් ලෙස සැලකුවාද යන්න අපට පැහැදිලි නැත. නමුත් සවුදිය ඇමෙරිකානු මෙහෙයුම් ගැන අවබෝධයෙන් සිටින බව පැහැදිලිය. පසුගිය මාස කිහිපය පුරාම ඇමෙරිකාව, ඉරානය සමග ගුවන් යුද්ධයක් සඳහා ප්‍රයෝජනවත් වන ආයුධ ඊශ්‍රායලයට ලබා දෙමින් සිටියේය. මැයි මස මුලදී එක් අවස්ථාවකදී, යුක්‍රේනය සඳහා වෙන්කර තිබූ ආරක්ෂක මිසයිල විශාල තොගයක් ඊශ්‍රායලයට හරවා යවන ලදී. මෙය යුක්‍රේන ආණ්ඩුව සසල කළ පුවතක් විය.

ජුනි 11 වන බදාදා වන විට, ඊශ්‍රායලයේ සැලසුම් ක්‍රියාත්මක වන බව වොෂින්ටනයට පැහැදිලි විය. මේ සඳහා ඇමෙරිකානු ජනපතිවරයා තමන්ට නිරන්තරව කතා කරන බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාට අනුමැතිය ලබා දී තිබිණි. එදිනම ඇමෙරිකාව තම ඉරාන තානාපති කාර්යාලය අර්ධ වශයෙන් ඉවත් කිරීමට සූදානම් වෙමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඊළඟ දවසේ, ජුනි 12 වන දින, වොෂින්ටනය කලාපීය හිතවත් රාජ්‍ය වෙත විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සටහනක් යවමින් ප්‍රහාරයක් ආසන්න බව ඔවුන්ට අනතුරු ඇඟවීය. 13 සිකුරාදා අලුයම ඊශ්‍රායලය සිය රාත්‍රී ප්‍රහාරය දියත් කළ අතර, (එවිට ඇමෙරිකාවේ 12 වැනිදා සවස වෙයි) එය වහාම ගුවන් යුද්ධයක් දක්වා වර්ධනය වූ ප්‍රහාරයකි. ට්‍රම්ප් සහ සමහර ප්‍රධාන කැබිනට් සාමාජිකයන් ධවල මන්දිර මෙහෙයුම් කාමරයේ ලී පැනල් සහිත “”JFK” කොටසේ සිට සිදුවීම් සජීවීව නැරඹූහ. දේශීය අවන්හලකින් ඇනවුම් කළ ගල් කකුළුවන් ඔවුන්ගේ ආහාරය විය.

සෙනසුරාදා උදෑසන මිසූරි හි වයිට්මන් ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ B-2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා පැය 37 ක් පමණ නොනවත්වා පියාසර කළ හැකි අතර, ගුවනේදී කිහිප වතාවක් ඉන්ධන පුරවා ගත් බව ඇමෙරිකානු නිලධාරියකු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි. න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි B-2 යානය ගුවන් හමුදාව විසින් පමණක් පියාසර කරනු ලබන අතර එය නිෂ්පාදනය කරනු ලබන්නේ නෝත්‍රොප් ග්‍රම්මන් විසිනි. එය ප්‍රථම වරට ක්‍රියාත්මක වූයේ 1999 දී කොසෝවෝ යුද්ධයේදී වන අතර, එක් එක් ගුවන් යානය ඩොලර් බිලියන 1 ක් පමණ වටිනා බැවින් ඇමෙරිකානු හමුදාව විසින් සටන්වලදී භාවිතා කරන්නේ කලාතුරකින්ය. ඉරානයේ ප්‍රහාරයට පෙර, හමුදාව අවසන් වරට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යේමනයේ හවුති කැරලිකරුවන්ට සහ ඔවුන්ගේ භූගත බංකර්වලට එරෙහිව සටන් කිරීමට මෙම ගුවන් යානය භාවිතා කළේය. එය ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාවට ද බෝම්බ හෙළා ඇත. ඇත්තෙන්ම ලැබෙන වාර්තා අනුව ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරය වෙත දැවැන්ත ‘බන්කර් බස්ටර්’ බෝම්බ හයක් හෙළා ඇත.

ඉරානයේ තවත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකක් ද එනම් නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත සැතපුම් 400 ක් දුරින් මුහුදේ නතර කර තිබූ ඇමෙරිකානු සබ්මැරීනවලින් දියත් කරන ලද ටොමාහෝක් මිසයිල 30 කින් පහර දී ඇත.

ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගැනීමට ඇමෙරිකානුවන් විසින් භාවිතා කරන ලද බෝම්බය GBU-57 Massive Ordnance Penetrator හෝ MOP ලෙස හැඳින්වේ. එය “ගැඹුරු ලෙස වළලනු ලැබූ පහසුකම් සහ දැඩි කරන ලද බංකර් සහ උමං මාර්ග”වලට පහර දීම සඳහා නිර්මාණය කර ඇති අතර හොඳින් ආරක්ෂිත පහසුකම්වල ඉලක්ක විනාශ කිරීමට හැකියාව පවතී යන්න අදහස් කෙරේ. ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව හැර වෙනත් කිසිදු රටක ෆෝඩෝ තරම් ගැඹුරු ස්ථානයකට විනිවිද යා හැකි බෝම්බ නොමැත. ඇමෙරිකා ගුවන් හමුදාවට අනුව MOP දිග අඩි 20.5 ක් පමණ වන අතර විෂ්කම්භය අඟල් 31.5 ක් වන අතර බර කිලෝග්‍රෑම් 13,000 ක් පමණ වේ. එය පුපුරා යෑමට පෙර පොළොවට මීටර් 60 ක් දක්වා විනිවිද යෑමට හැකි සේ නිර්මාණය කර ඇත. යුද හිස විශේෂ ඉහළ කාර්යසාධනයක් සහිත වානේ මිශ්‍ර ලෝහයකින් ආවරණය කර ඇති අතර, එය පහරදීමේදී විනිවිදක තහඩුවේ අඛණ්ඩතාව පවත්වා ගනිමින් විශාල පුපුරන ද්‍රව්‍ය බරක් රැගෙන යෑමට හැකි වන පරිදි නිපදවා ඇත. ගුවන් හමුදා තොරතුරු පත්‍රිකාවකට අනුව ෆෝඩෝ අඩවිය මීටර් 90 ක් පමණ ගැඹුරකින් යුක්ත වේ. ඇමෙරිකානු ප්‍රහාරවලින් ෆෝඩෝ හි කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැත.

ඉරානයට බෝම්බ හෙලූ පුවත ජනපති ට්‍රම්ප් විසින් දේශීය වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 8.00ට (ඊශ්‍රායල වේලාවෙන් ඉරිදා පෙ.ව. 5 ට) ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනපතිවරයා පිටුපසින් උප ජනාධිපති ජේ. ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යන අය දක්නට ලැබිණි. ඉරානය දැන් සාමය ඇති කරගත යුතුයි. අද රාත්‍රියේ මට ලෝකයට කියන්න පුළුවන් මේ ප්‍රහාර විශ්මයජනක සාර්ථකත්වයක් වූ බව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලගැන්වීමේ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ, අද රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය වඩාත්ම දුෂ්කර සමහර විට වඩාත්ම දරුණුම ප්‍රහාරය වෙන්න පුළුවන්. මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ දක්ෂ ලෙස අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකථන සංවාදයකද නිරත වී තිබේ. ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට පැවසුවේ ශක්තිය තුළින් සාමය ලබා ගන්නා බවයි. ඒ අනුව පළමුව ශක්තිය පැමිණෙන බවත් පසුව සාමය පැමිණෙන බවත් බෙන්ජමින් නෙතන්යාහු එහිදී පවසා තිබේ. කෙසේ නමුත් සෙනසුරාදා ප්‍රහාරවලින් පසුව ඇමෙරිකාව නැවත වරක් ප්‍රහාර සඳහා සූදානමක් නොමැති බව වාර්තාවේ.

ඉරානයේ ආරක්ෂක බුද්ධි අංශ එරට සියලුම ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ හමුදා අණදෙන නිලධාරීන් ඊශ්‍රායලය විසින් ඉලක්ක කර ගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන්ට රහසිගතව සිටීමට නියෝග කර තිබේ. ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදනයන් භාවිතා කිරීම නවත්වන ලෙස අමාත්‍යාංශය නිලධාරීන්ට නියෝග කර ඇති අතර, අධ්‍යාත්මික නායක කුමේනි දැන් තම අණදෙන නිලධාරීන් සමග සන්නිවේදනය කරන්නේ විශ්වාසවන්ත සහායකයකු හරහා පමණකි. ඔහුද බංකරයක සැඟවී සිටී. කුමේනි සැඟවී සිටින්නේ කොහේදැයි නිශ්චිතවම වාර්තා වී නොමැත. ඉරාන රජයට විරුද්ධ ප්‍රවෘත්ති ආයතනයක් වන ඉරාන ජාත්‍යන්තරය වාර්තා කළේ ජුනි 13 වන දින ඊශ්‍රායලය ඉරානයේ මෙහෙයුම් ආරම්භ කළ විට 86 හැවිරිදි කුමේනි තම පවුලේ අය සමග ඊසානදිග ටෙහෙරානයේ ලැවිසාන් හි නවාතැනකට පලා ගිය බවයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශය පිළිබඳ බාහිර තහවුරු කිරීමක් නොමැත.

චතුර පමුණුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විශේෂාංග

ඊශ්‍රායල් ඉරාන ඇමරිකා අර්බුදය ලෝක ආර්ථිකය ගිල දමයිද?

විශේෂාංග

මාර්ගගත අධ්‍යාපනය කොයිබටද?

විශේෂාංග

වන සම්පත සුරැකීම සඳහා වන 2025 The Gathering of Giants මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

විශේෂාංග

වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපනය ලෙස සියඹලාගස්වැව වනාන්තරය සුරක්ෂිත කරයි

විශේෂාංග

අරගලයේ කුමන්ත්‍රණකාරී පැහැර හැරීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok