යුද්ධයේදී ආබාධිත වූ පොලිස් රණවිරුවන්ට ලැබිය යුතු උසස් වීම් හා හිඟ මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී සිය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරතවීමට යුද්ධයේදී ආබාධිත වූ පොලිස් රණවිරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
උසස්වීම් හා හිඟ මුදල් නොලැබීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 7 වැනිදා පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා කළ බවත් එහිදී සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට පොලිස්පතිවරයා තමන්ට පොරොන්දු වූ බවත් යුද්ධයේදී ආබාධිත වූ පොලිස් රණවිරුවන්ගේ සංගමය සඳහන් කරයි. විසඳුම් ලබාදීම සඳහා පොලිස් සුබසාධක සංගමය භාර නියෝජ්‍ය පොලිස්පතිනියක් හරහා සොයා බලා උසස් වීම් හා හිඟ මුදල් ලබාදීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් දුන්නත් මේ වනතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසා මෙසේ කොළඹදී මාරාන්තික උපවාසයක නිරතවීමට තීරණය කළ බව ද එම සංගමය සඳහන් කරයි.
අරුණ බෝගහවත්ත