දත් හා අස්ථි බද්ධයට බදාමයක් හදති
පරිසරයට අවදානම් සහගත අපද්‍රව්‍යයක් සේ සැලකෙන මිනිස් මුත්‍රා ප්‍රතිචක්‍රීයකරණය කර දන්ත හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා යොදා ගත හැකි මුලද්‍රව්‍යක් බවට පත් කරගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හා ඇමරිකානු හා ජපාන ආයතන කිහිපයක විද්‍යාඥයන් පිරිසක් සිදු කළ නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
එම විද්‍යාඥයන්ට අනුව මිනිස් මුත්‍රා ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් දත් හා අස්ථි බද්ධ කිරීම සඳහා යොදා ගන්නා බදාමයක් වන ‘හයිඩ්‍රෝක්සිඇපටයිට්’(එච්.ඒ.පී.) නිපදවිය හැකිය.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර ඇති කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හා ඇමරිකානු හා ජපාන ආයතනවල විද්‍යාඥයන් විසින් මිනිස් මුත්‍රා දත් හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා හයිඩ්‍රෝක්සිඇපටයිට් (එච්.ඒ.පී.) බදාමය බවට පරිවර්තනය කළ හැකි කෘත්‍රිම යීස්ට් පද්ධතියක් නිර්මාණය කර තිබේ.
හයිඩ්‍රෝක්සිඇපටයිට් (එච්ඒපී) යනු දත් හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා බහුලව යොදා ගනු ලබන ද්‍රව්‍යයක් වන අතර එය නිපදවීම සඳහා මිනිස් මුත්‍රා යොදා ගැනීමෙන් මුත්‍රාවල අඩංගු අධික පෝෂ්‍ය පදාර්ථයන් හේතුවෙන් ජල මූලාශ්‍රවලට හා පරිසරයට ඉන් ඇතිවන හානිය ද වළක්වා ගත හැකි බව මෙම පර්යේෂණයට දායක වූ විද්‍යාඥයකු වන ඩේවිඩ් කිසේලස් පවසයි.
ඒමන්ති මාරඹේ