ඔහුට විශාදය නෑ: පරීක්‍ෂණවලින් හෙළි වෙයි
සබරගමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ මරණයට හේතුව නවක වධය බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එසේම එම ශිෂ්‍යයා විශාදයෙන් පෙළී නොමැති බවද හෙළිවී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.
සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩරින් දිල්ශාන් සිසුවා පසුගියදා ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නවක වධ පැමිණිලි විමර්ශන අංශය මගින් පරීක්‍ෂණ ආරම්භ කරන ලදී.
සුජාතා ජයරත්න