යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ළිඳකට ඇද වැටී දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව චාවකච්චේරි පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 06 ක් පමණ වන දැරියකි.
අදාළ ළිඳ දැල් ආවරණයක් යොදා ආවරණය කර තිබී ඇති අතර දැරිය නිවැසියන් නොමැති අවස්ථාවක එම දැල් ආවරණය මත නැගී සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ දැල් ආවරණය කැඩී ළිඳට ඇද වැටී මෙම අනතුර සිදුව තිබේ.
ඒ අනුව දැරියගේ මෘත දේහය චාවකච්චේරි රෝහලේ තැම්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්