
මේෂ
ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද යෙදේ. එවැනි දේ සංවිධානය කිරීමේදී වගකීම් බහුලවේ. තරමක් අතපසුවීම් ඇතිවෙයි. ඉවසීමෙන් දවස ක්‍රියාකරකම්වල යෙදීම මැනවි. සිරසරෝග, මුඛරෝග මතුකරයි.
ශුභ වර්ණය-රන්වන්, ජය අංකය- 07
වෘෂභ
ප්‍රීති සාද, උත්සව, විනෝද ජනක ක්‍රියා වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ද මේ සඳහා යොමු කරවයි. මානසික සුවය ලබන අතර දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් ද සමීපකරවයි. අමතර ලාභ ද ලබයි. ස්නායුගත රෝග පීඩා මතු කරයි. ශුභ වර්ණය- තැඹිලි, ජය අංකය-04
මිථුන
ගමන් බිමන් බහුලයි. දුරගමන් වන්දනාගමන් සංවිධානයට හේතුයි. ආගමික වතාවත් ද ගරු කරයි. තම ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියාකරයි. තරමක් වැය පස ද ඉහළයයි. සමේ රෝග අසාත්මිකතා ඇතිවේ. මුත්‍රා ආසාදන ද මතුකරයි.
ශුභ වර්ණය- කොළ, ජය අංකය- 06
කටක
තරමක් ක්‍රියාශීලි දිනකි. තම නිවස තරමක උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. ගමන් බිමන්ද යෙදේ. විනෝදජනක ක්‍රියාවන්ද දියත් කරයි. රාජකාරිවලදී කැපී පෙනෙන අතර හදිසි ලාභ ද ලබයි. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය- කහ, ජය අංකය- 05
සිංහ
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් ක්‍රියාශීලි දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකියි. සුළු ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතුවෙයි. ශුභ වර්ණය- ළා දම්, ජය අංකය- 01
කන්‍යා
ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වෙළහෙළඳාම්වල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
ශුභ වර්ණය-ළා නිල්, ජය අංකය-05
තුලා
ශුභා ශුභඵල දෙයි. අලසකාරි ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපසද ඉහළ යයි. මූල රෝග බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 03
වෘශ්චික
ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදුවේ ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලි ගති මතුකරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. ප්‍රීතිසාද යෙදේ.
ශුභ වර්ණය – රතු, ජය අංකය – 08
ධනු
සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. උත්සව සාද යෙදේ. රාජකාරිවලදී වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් කිරීමට සිදුවේ. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. හිත් පළුදුවීම් වැනි දේට හේතුයි. ආහාර විෂවීම් වැනි දේට හේතුයි.
ශුභ වර්ණය- රෝස, ජය අංකය – 02
මකර
ශුභා ශුභඵල සහිතයි. මංගල සාද උත්සව යෙදේ. රාජකාරිද බහුල වෙයි. තම වචනවලට මුල්තැන ලැබේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැයකිරීමට සිදුවෙයි. සන්ධි ප්‍රදාහ ඉදිමුම් වැනි රෝග මතුකරයි.
ශුභ වර්ණය- දුඹුරු, ජය අංකය – 08
කුම්භ
තරමක් ඉවසීමෙන් දවස ගෙවයි. සතුරු බලපෑම් මත රාජකාරිද එපාවෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන් සමග දහමට අවතීර්ණව ක්‍රියාකරයි. සිරසගත රෝග මුඛ රෝග මතුකරයි.
ශුභ වර්ණය – නිල්, ජය අංකය – 01
මීන
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ප්‍රීති උත්සව යෙදේ. පරණ ගනුදෙනුවෙන් යහපතට ලබයි. ණයතුරුස්වලින් අත්මිදේ. රාජකාරි බහුල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.
ශුභ වර්ණය – දම්, ජය අංකය – 09