Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද පුරාණය – 1
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද පුරාණය – 1
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 1

June 19, 2025
914 Views

(අපට වදින්නේ මෙහෙමයි)

යුද ගිනිදැල් සහ එයින් නිකුත් වන කාබන් මොනොක්සයිඩ් දුමාරයෙන් මුළු ලෝකයම වැසී යමින් පවත්නා අඳුරු තීරණාත්මක මොහොතක මේ කතු වැකිය ලියනු ලැබේ. යුද්ධය යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම මැදපෙරදිග ජනයා ශිෂ්ටාචාරය පුරාම වඩාත් හොඳින් දැන සිටි දේ යුද්ධයයි. මෙයට ශතවර්ෂ කිහිපයකට පෙර මැදපෙරදිගට තෙල් සල්ලි තිබුණේ නැත. එකල ඔවුන් ජීවත් වූයේ ඔටුවන් සහ එළු පට්ටි ඇති කරමින් එළු මස් කමින් එළකිරි ද බොමින් ගෝත්‍රික කණ්ඩායම් ලෙසිනි. මේ මිනිසුන්ට අධ්‍යාපනයක් තිබුණේ නැත. ඔවුන් දැන සිටියේ දෙවියන් වහන්සේ ගැන පමණි. ඔවුහු දෙවියන් විශ්වාස කළහ. එසේම දෙවියෝ ද ඔවුන් විශ්වාස කළහ. ඒ බව පැහැදිලි වන්නේ මැදපෙරදිග කාන්තාරවල කටුක ජීවිත ගතකළ ගෝත්‍රික ජනයා නොමැරී ජීවත් වූ බැවිනි. එනම් කිසියම් බාහිර බලවේගයක් වෙතින් ඔවුන්ට රක්ෂාවරණය ලැබිණ. ඒ අතර ඇමෙරිකානුවෝ තෙල් සොයාගත්හ. මැදපෙරදිග රටවල ඉන්ධන බහුලව තිබෙන බව දැනගත් ඇමෙරිකානුවෝ ද යුරෝපීයයෝ ද යන්ත්‍ර සූත්‍ර ද සල්ලි ද තුවක්කු ද ගෙන කාන්තාරය වෙත දිව එන්නට පටන් ගත්හ. එතැන් සිට මැදපෙරදිග ධනයෙන් පිරුණු ප්‍රදේශයක් බවට පත්විය. එහි ජීවත් වූ ගෝත්‍රික නායකයෝ ඇමෙරිකන් සල්ලිවලින් රත්තරන් මිලට ගෙන ඒවායෙන් ඔටුනු සාදා පැලඳ රජවරු බවට පත්වූහ. අද මැදපෙරදිග තිබෙන රජ පවුල් සියල්ලෙහිම ආරම්භය මෙයයි. ඊට පසු ඇමෙරිකාවත්, එංගලන්තයත්, යුරෝපයත් තරගයක් පටන් ගත්හ. ඒ මැදපෙරදිග රටවල් බෙදා ගැනීමේ තරගයයි. සියලු දෙනාටම අවශ්‍ය වූයේ වැඩි තෙල් කොටස ය. තෙල් නිසා ලැබුණු අතිවිශාල ධනයෙන් මැදපෙරදිග රටවල් ඇමෙරිකාවෙනුත්, එංගලන්තයෙනුත්, යුරෝපයෙනුත් ආයුධ මිලට ගත්හ. මැදපෙරදිග රටවල් වඩාත් ශක්තිමත් වන්නේ එතැන් සිටය. මේ අතර ඇමෙරිකාවේ ජීවත් වූ ඉඩම් හිමි ධනවතකු වූ ඔසාමා බින් ලාදින් නමැති තරුණයෙක් කුලී හේවායන් හයර් එකට දීමේ සමාගමක් පටන් ගත්තේ ය. ක්‍රමයෙන් ඒ සමාගම දියුණු වන කල ඇමෙරිකාව විසින් මැදපෙරදිග රටවල් සූරාකන බව ඔසාමා බින් ලාදින්ට කල්පනා විය. ඔහු තම සමාගමේ සිටි කුලී හේවායන් ලවා අරාබි තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස පුරුදුකරවා, අල්කයිඩා නමැති සංවිධානයක් පිහිටුවා, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලොව උසම ගොඩනැඟිලි දෙකට පහර දුන්නේය.

මේ ප්‍රහාරය නිසා මුළු ලෝකයම ත්‍රස්ත විය. මැදපෙරදිග රටවල් වෙන වෙනම බලවේග ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇතැයි ඇමෙරිකාවට කල්පනා වන්නේ එවිට ය. ඒ වන විට ඉරාකයේ සදාම් හුසේන් කුවේට් රටට පහර දී එය තම රටට ඈඳාගෙන තිබිණ. ඒ මදිවට ඔහු තම රට තුළ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කළේය. මෙයින් බියට පත් ඇමෙරිකාව, ඉරාකයට පහර දී එය විනාශ කර සදාම් හුසේන් අල්ලා එල්ලා මැරුවේ ය. මෙයින් පසු ඉරාකය කුඩා කැබැලිවලට කැඩී ගිය අතර, මීට අවුරුදු සිය ගණනකට පෙර තිබුණාක් මෙන් ගෝත්‍රික රාජ්‍ය සමූහයක් බවට පත් විය. අදත් ඒ රටේ සිවිල් යුද්ධයක් පවතී. ඒ රට එකතු කිරීමට නම් නැවත වතාවක් සදාම් හුසේන් කෙනකු බිහි විය යුතු ය. ලිබියාවට වුණේ ද මෙයම ය. ඇමෙරිකාවේ උදව් ඇතිව ලිබියාව තුළ හටගත් සිවිල් යුද්ධයේ දී, පාදඩයන් කිහිපදෙනකු විසින් මුවම්මර් අල් ගඩාෆි මරණ ලදී. ගඩාෆි ලිබියාව එක්සත් කළ නායකයා ය. අද ලිබියාව කැබැලිවලට පත්වී ඇති අතර කවදාවත් ඉවර නොවන සිවිල් යුද්ධයක් රටේ හටගෙන ඇත. මේ සිවිල් යුද්ධය නිම කිරීමට නම් තවත් ගඩාෆි කෙනකු අවශ්‍ය ය.

ඇමෙරිකාවට සිටින ඊළඟ දරුණු සතුරා වන්නේ ඉරානයයි. එහෙත් ඇමෙරිකාව මේ සතුරුකම පිටතට පෙන්වන්නේ නැත. අද ඉස්ලාමීය ජනරජයක් ලෙස පැවැතුන ද මෙයට අවුරුදු පනහකට පමණ පෙර ඉරානයෙහි පැවැතුණේ, බටහිරට ගැතිකම් කළ කලිසම් කෝට් අඳින රජ කෙනකුගේ පාලනයකි. ඉරානයේ අන්තවාදී ඉස්ලාම් තරුණයෝ 1979 පෙබරවාරියේ දී විප්ලවයක් පටන්ගෙන එම කලිසම්කාර රජතුමා වූ රේසා පාලවී ෂා ඇමෙරිකාවට පලවා හැරියේ ය. ෂා රජතුමා නොම්මර එකේ දූෂකයෙකි. ඔහු පිලිපීනයේ මාකෝස් මෙන් රටේ ධනයෙන් සෑහෙන කොටසක් පිටරටවලට ඇදගෙන තිබිණ. ෂා රජු බලයෙන් පහවූ පසු අදූෂිත ඉරානයක් සියලු දෙනාම අපේක්ෂා කළ ද එතැන් සිට පහළ වූයේ අන්තවාදී අපායකි. මේ අන්තවාදීහු ලෝගු පොරවාගත් ඉස්ලාමීය පූජකයෝ වූහ. ෂා රජතුමා පලවාහරින අවස්ථාවේ දී ඉරානයේ පාලනය අතට ගත්තේ අයතුල්ලා රහුල්ලා කුමේනි නමැති පූජකයෙකි. ඔහු ඉරාන ජනාධිපතිටත් ඉහළින් සිටි ආධ්‍යාත්මික නායකයා ය. ඔහුගේ නායකත්වය යටතේ ඉරානය තුළ අන්තවාදී ඉස්ලාමීය නීති දැඩි වන්නට පටන්ගත් අතර, හිටපු රජා හොරෙක් වුව ද නිදහස් මිනිසකු බව රටවැසියන්ට පසක් වන්නට විය. පසුගියදා ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීමට පටන් ගත් අවස්ථාවේ දී දැනට ඉරානයේ සිටින අයතුල්ලා අල් කමේනි නමැති නායක පූජකයාට එරෙහිව සටන්පාඨ කියමින් ලක්‍ෂ සංඛ්‍යාත ස්වදේශික ජනයා මහපාරට බැස්සාහ. අන්තවාදී ආගම්වලින් ඉවත් වී නිදහසේ ජීවත්වීමේ අවශ්‍යතාවක් මිනිසුන්ට තිබේ. ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිලවලින් ගැසීමට පටන්ගත් විට ආණ්ඩු විරෝධී ජනයා ප්‍රීතිඝෝෂා නැගූ බව කියනු ලැබේ. සාමාන්‍යයෙන් ජනතාවට නිතරම වරදී. ආණ්ඩුවලට ද හිටපු ගමන් වරදී. එසේ වැරදුණු විට සියලු දේ අලවීමට පටන් ගන්නා අතර, යුද්ධයට අවශ්‍ය මාර්ගය ඉබේටම සෑදේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයේ මුල එතැන ය. ඊශ්‍රායලය උත්සාහ කරන්නේ ඉරාන නායකයා වූ අල් කමේනි ඝාතනය කිරීමට ය. සමහර විට මෙවැනි ක්‍රියාවක දී යේමනය වැනි අන්තවාදී ඉස්ලාම් රටවල් ඉරානයේ උදව්වට පැමිණීමට ඉඩ තිබේ. එසේ වුවහොත් යුද්ධය පළල්වන අතර ඊශ්‍රායලයට සහාය දීමට ද යුරෝපයට සිදුවෙනවා ඇත. දැන් මේ හටගෙන තිබෙන්නේ තුන්වන ලෝක යුද්ධයේ මුල් හරියයි. මැදපෙරදිග යුද්ධය ඇවිළුණොත් දැනට ඩොලර් 150 ට පමණ තිබෙන අමු තෙල් බැරලය ඩොලර් 500 කට පමණ ඉහළ යනු ඇතැයි අපි මීට සතියකට පමණ පෙර කතු වැකියකින් පෙන්වා දුන්නෙමු. එසේ වුවහොත් සිදුවන්නේ තෙල්වලින් ලාම්පු පත්තු කිරීමට නොව තෙල් බීමට ය.

දෙවන කොටස හෙට.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
කතුවැකි

එදා ට්‍රම්ප් සහ මෙදා ට්‍රම්ප්

කතුවැකි

ජනතා සල්ලිවලින් හමන දේශපාලන සැන්.පවුඩර් සුවඳ

කතුවැකි

මරණ මංචකයේදී සිහිවන සේනක බිබිලේ ප්‍රතිපත්තිය

කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 2

කතුවැකි

ව්‍රායි කැලී බල්තසාර්ගේ හෘද සාක්ෂිය කුමක් විය යුතුද?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok