12 වැනි වරටත් රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරන්නට ස්වීඩන් ජාතික රිටි පැනීමේ ක්‍රීඩක ආමන්ඩ් ඩුප්ලැන්ටීස්ට හැකියාව ලැබිණි.
ඒ ස්විඩන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීය. ‘පියාඹන මිනිසා’ ලෙසින් ලොවම විශ්මයට පත්කරමින් සිටින 25 හැවිරිදි ආමන්ඩ් ඩුප්ලැන්ටීස් මෙවර ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්වුණේ මීටර් 6.28ක් තරනය කරමිනි.
මුන්ඩෝ ලෙසින් හඳුන්වන ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 2020 වසරේදී පෙබරවාරි මාසයේදී පළමු වරට පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව තැබීමෙන් පසු වසර 5ක් තුළ අවස්ථා 12කදී රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත්කර තැබීමත් කැපී පෙණෙන සිදුවීමකි.
සිසිර ඉන්ද්‍රජිත්