මම කොතරම් ආබාධ තත්ත්වයන්ට මුහුණ දුන්නද, දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕන තරග 100කට සහභාගිවීමට අවස්ථාව ලබාදීම ගැන. ඒ වගේම මගේ දෙමාපියන්ට, බිරිඳ සහ දරුවන්ට, විශේෂයෙන්ම මගේ පාසලට, මගේ දුකේදීත්, සැපේදීත් සිටි මිතුරන්ට, මාගේ පුහුණුකරුවන්ට ස්තුතිවන්ත වන්නට මෙය මම අවස්ථාවක් කරගන්නව.
විශේෂයෙන්ම ඉස්මතුවෙල පෙනිච්ච තරග කිහිපයක් තියනව, ඔස්ටේ්‍රලියාවෙ මෙල්බර්න් වලදි අපි ලබාගත් ජයග්‍රහණය. ඒ වගේම එංගලන්තයෙදි අපි 2014දි එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම, 2016 දි අපි අපේ රටේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව 3-0ක් ලෙස ජයගැනීම වගේම එම කණ්ඩායම්වල රැඳී සිටීමට හැකිවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.
මම හිතන්නෙ ඉදිරියේදී දැවැන්ත චරිත ඉස්සරහට එනව. අපිට කොයිම වෙලාවකවත් කියන්න බැහැ මම වෙනුවෙන් ආදේශක නැහැ කියල. අපිට හොඳ නවක ක්‍රීඩකයො ඉන්නව. කැප කිරීම කියන්නෙ සෑම ක්‍රීඩකයකුම කරන වැඩක්, තරගවල පෙණෙන දෙයට වඩා වැඩි දෙයක් ක්‍රීඩකයෙක් කරනව, උදේ ඉඳන් තරගවලට මුහුණ දෙන්න ලොකු පුහුණුවීමක් කරනව. ඒ වගේම තමයි තිරය පිටුපස සිටගෙන තව ගොඩදෙනෙක් ඒවට උදව් කරනව. ක්‍රීඩකයනුත් විශාල කැප කිරීමක් කරන්න ඕන ඒ අයගෙ ශරීර සෞඛ්‍යය සමබරව පවත්වාගෙන යන්න.
මම 2018දි නායකත්වය අතහැරියෙ අපි පළමු වරට සිම්බාබ්බේට පැරදුන හේතුව හින්ද. ඒ අවස්ථාවෙ කණ්ඩායමක් විදියට ගොඩක්ම පල්ලෙහාට ගිය අවස්ථාවක්. මම ඒ ගැන ගොඩක් කනගාටු වුණා. මම එවෙලෙ හිතුව ඒ පරාජයේ වගකීම මම ගන්න ඕන කියල. ඒකයි මම නායකත්වය අතහැරල ගියේ. ආයෙමත් අවුරුද්දක් වගේ ඇතුළත මට නායකත්වය භාර ගන්න කිව්ව. නමුත් මම 2008 ඉඳල දකින්න ඕන හැම දේම දැකල තියෙන්නෙ. මගෙ ක්‍රිකට් ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මම මුහුණ දුන්න. මම හිතනව හැම තිස්සෙම මම හරිදේ කරන්න උත්සහ කළා කියල.
අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් ගොඩක් ඉන්නව, මම ඒ ගැන කිව්වොත් ලහිරු උදාර, පවන් රත්නායක, ඒ වගේම පසිඳු සූරියබණ්ඩාර කියන්නෙත් හොඳ ක්‍රීඩකයෙක්. ඒ අය ‘ඒ කණ්ඩායමේ‘ ගොඩක් දක්ෂතා දක්වල මෙතෙන්ට ඇවිල්ල තියෙන්නෙ. ඔවුන් ලෑස්තියි දැන් ක්‍රීඩා කරන්න, මම අයින් වුණාට පස්සෙ නවක ක්‍රීඩකයෙක්ට අවස්ථාව හම්බ වෙයි. මේ තරගාවලිය ඉවර වුණාම ඊළඟ තරගාවලිය තියෙන්නෙ තව අවුරුද්දකින්. ඒකත් ලොකු හේතුවක් වුණා මම පළමු තරගයෙන් අනතුරුව අයින් වෙන්න.
මම ටෙස්ට් පිටියට සමුදුන්නට පසුව මාස 6ක් විතර තියෙනව විස්සයි-20 ලෝක කුසලානයට. මම හිතනව මගෙ ෆිට්නස් හොඳ නම් ඒ ලෝක කුසලානයට මගේ දායකත්වය ලබාදීල විස්සයි-20 පිටියට සමුදෙන්න. ඉදිරි මාස 6 මම මගේ පුහුණුවීම් දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.