අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසිණි .
නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට කැපවන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් හමුවේ අවධාරණය කළේය .
ශ්‍රී ලංකා ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමටත්, රජයේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහාය ලබා දෙන බව ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස එහිදී තහවුරු කර සිටියහ.

