Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැටුම් නවත්වන්නැයි ලෝක නායකයෝ ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැටුම් නවත්වන්නැයි ලෝක නායකයෝ ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ගැටුම් නවත්වන්නැයි ලෝක නායකයෝ ඉල්ලති

June 16, 2025
264 Views

ඉරාන මිසයිල 100ක් ඊශ්‍රායලය වෙත එවයි
ඉරාන-ඊශ්‍රායල ගැටුම මහා යුද්ධයක් වන ලකුණු

සිකුරාදා අලුයම සිට ඉරාන ඊශ්‍රායල මහා ගැටුම ආරම්භ වී තිබේ. මෙය වෙනදාට වඩා බරපතළය. කොතනින් නතරවේ දැයි සිතාගත නොහැකිය. ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් 10දෙනකු මියගොස් තවත් 99 දෙනකු තුවාල ලබා තිබේ. ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි. ඉරාන ප්‍රහාරවලින් මධ්‍යම ටෙල් අවිව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට් යම් නගරයේ ගොඩනැඟිලිවලට හානි සිදුව තිබේ. මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැඟිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි. ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් ඉරානයේ ප්‍රහාරය “තිව්‍ර” වනු ඇතැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය වන (IRGC) නිවේදනය කර තිබිණි. කලාපය තුළ ප්‍රහාර දිගටම සිදුවන විට, යුද්ධ ක්‍රියා උත්සන්න වීම අවම කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් ලෝක නායකයන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වය ම “ගැටුම් උත්සන්න වීම” නතර කරන ලෙස ය.

“ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත බෝම්බ හෙළීම, ටෙල් අවිව්හි ඉරාන මිසයිල ප්‍රහාර, දුරදිග ගියා ඇති. දැන් නතර කරන්න කාලය ඇවිත්. සාමය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වාගත යුතු යි,” ඔහු එක්ස් හි සටහනක් තබා තිබිණි. යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයෙන් පවසන්නේ, පවතින තත්ත්වය පිළිබඳව ඇය ඊශ්‍රායල් ජනාධිපති අයිසැක් හර්සොග් සමග කතා කළ බව ය. “ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ තම ජනතාව ආරක්ෂා කිරීමට ඇති අයිතිය මම නැවත අවධාරණය කළා. ඒ සමගම, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි,” ඇය එක්ස් හි සඳහන් කර ඇති අතර, “උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස” සහ ගැටුම් උත්සන්න වීම අවම කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඇය තවදුරටත් සඳහන් කළා ය.

ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කළේ “ඊශ්‍රායලයේ පැවැත්ම” වෙනුවෙන් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිකුරාදා පවසා තිබිණි. ඊශ්‍රායල ප්‍රහාර නිසා ඉරානයේ හමුදා නායකයන් හා ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් මියගොස් තිබිණි. ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ඇතුළු 78 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ය. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (ෂඍඨක්‍) අණදෙන නිලධාරී හොසේන් සලාමි සිකුරාදා අලුයම එල්ල කෙරුණ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය අතර, එම ප්‍රහාරවලින් මියගිය ජ්‍යෙෂ්ඨතම ඉරාන හමුදා නායකයා ඔහු විය. 65 හැවිරිදි සලාමි, ඊශ්‍රායලයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව දැඩි ස්ථාවරයක් දැරූ අයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඉරානයට පහර දුන හොත් “අපායේ දොරටු විවෘත කරන” බවට මෑතකදී ඔහු විසින් අනතුරු අඟවා තිබිණි. න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩාකප්පල් නොකරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබියදීත්, ඊශ්‍රායලය න්‍යෂ්ටික ස්ථාන සහ හමුදා නායකයන් ඉලක්ක කර

ගනිමින් ඉරානයට ප්‍රධාන පෙළේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ප්‍රහාරයට සම්බන්ධ නොවූ බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සඳහා “බරපතළ වන්දියක්” ගෙවනු ඇති බවට ටෙහෙරානය අනතුරු අඟවා ඇති අතර, මෙය දැනටමත් කලාපය තුළ පුළුල් යුද්ධයක් කරා රැගෙන යනු ඇති බවට වන බිය මතු කරයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025
Related News
විදෙස්

ලෝකය ගිනි තියන්න ඇවිළුණු රටවල් දෙකක්

විදෙස්

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති

විදෙස්

රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති

විදෙස්

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok