Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ කාටද තීන්දුව අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ කාටද තීන්දුව අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ කාටද තීන්දුව අද

15 hours ago
429 Views

පුරපති පිළිගන්න රැස්වීම් ශාලාව ලෑස්තියි
සභිකයන් 117ම කැඳවයි: ඡන්ද පෙ.ව. 9.30ට

රටේ ප්‍රධානම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති තෝරා පත්කර ගැනීමේ කටයුත්ත සඳහා නගර සභාවේ රැස්වීම් ශාලාව අද (16දා) පෙරවරුවේ සූදානම් කර ඇතැයි, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවසීය. ඡන්දය අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගි ජයසුන්දර මහත්මියගේ දැනුම්දීම අනුව අද පෙරවරු 9.30ට නගර සභා රැස්වීම් ශාලාවේදී තේරී පත්වී සිටින සභිකයන් 117 දෙනාම රැස්වී නගරාධිපති, උප නගරාධිපති ලෙස ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා ඡන්දය ප්‍රකාශ කර බහුතරය දිනාගන්නා දෙදෙනා එම තනතුරු සඳහා තේරී පත්වීමට නියමිතය.

අද නගරාධිපති සහ උප නගරාධිපති පත්වීමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ගැසට් කරනු ඇත. ඉන්පසු වෙනත් දිනයකදී ඔවුන් දෙදෙනා දිවුරුම් දීමටත් ඉන් අනතුරුව සභාව රැස්වන දිනය තීරණය කිරීමටත් නියමිතය.

සභිකයන් 117 දෙනාම සභා ශාලාවට පැමිණීමෙන් පසු එක් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය (59) නොමැති නිසා නගරාධිපති, උප නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විය යුතු වේ. එම ඡන්දය රහස් ඡන්දයක් ද විවෘතව පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභිකයන්ගෙන් විමසා ඔවුන්ගේ මතය අනුව ඡන්දය පැවැත්වීමට කටයුතු කෙරේ.

කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටින සභිකයන් අතර ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජනබලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට 03ක්, සර්ව ජනබලයට 02ක්, එක්සත් සාම සන්ධානයට 02ක්, ස්වාධීන කණ්ඩායම් 4 ස්වාධීන කණ්ඩායම් 5 සභික ධූර 02 බැගින් ද, ස්වාධීන කණ්ඩායම් 2, ස්වාධීන කණ්ඩායම් 1, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, පොදුජන එත්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික ජනතා පක්ෂය හා එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ සභික ධුර 01 බැගින් ද ලබාගෙන තිබුණි.

මෙවර නගරාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජනබලවේගය පක්ෂයෙන් රිසා සාරුක් යන අය ඉදිරිපත්වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

මෙවර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂිකාව පත්වන බවට ජාතික ජනබලවේගයේ වගකිවයුතු ඇමැතිවරයකු වන සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවිට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තම පක්ෂයේ අයකු පත්කරන බවට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා කියා සිටී. මෙම දෙපිරිස විසින් ඉදිරිපත් කරන කුමන අපේක්ෂකයා නගරාධිපති, උප නගරාධිපති ලෙස පත්වේවි ද යන්න අද පෙරවරුවේ දැනගත හැකි වේ.

චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

මහා යුද්ධයක පෙරනිමිති – ඉරාන-ඊශ්‍රායල ගැටුම උග්‍ර අතට

ප්‍රධාන පුවත්

විපක්‍ෂයෙන් පත්වූ සභිකයන් 223 කගේ නම් මැකොට තාමත් ලැබී නෑ

ප්‍රධාන පුවත්

හිටපු ඇමැති දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසියට

ප්‍රධාන පුවත්

ජ්‍යෙෂ්ඨතම රංගධාරිනියට ලැබුණු උත්තම උපහාරය……

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.4 කින් වැඩිකර පෙන්වලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok