Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.4 කින් වැඩිකර පෙන්වලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.4 කින් වැඩිකර පෙන්වලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.4 කින් වැඩිකර පෙන්වලා

15 hours ago
2058 Views

සංචිත ගැන වාර්තා කිරීමේ දී අන්තර් ජාතිකව පිළිගත් ප්‍රමිතීන් මඟහැරලා FactCheck.lk පැහැදිලි කරයි

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතවල ප්‍රමාණය වාර්තා කර ඇත්තේ සත්‍ය වශයෙන් තිබෙනවාට වඩා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 කට වැඩි අගයකින් බව ත්‍්ජඑක්‍යැජනගකන පළකර ඇති නව පැහැදිලි කිරීමකින් අනාවරණය කරයි.

ශ්‍රී ලංකාව විදේශ සංචිත ගැන වාර්තා කරන ආකාරය ගැන ත්‍්ජඑක්‍යැජනගකන දකින ගැටලු යන මෙම පැහැදිලි කිරීමට අනුව චීන මහජන බැංකුවෙන් ලැබුණු රෙන්මින්බි බිලියන 10ක මුදල් හුවමාරුවක් (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 ක්) සංචිතවලට එකතු කර වාර්තා කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇත. මෙම මුදල් හුවමාරුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට නොහැකිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ අත්පොතේ 6 වන සංස්කරණයෙන් සංචිත වත්කම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ප්‍රමිතිය හඳුන්වාදී ඇත. ඊට අනුව සංචිත වත්කමක් ද්‍රවශීල නොහොත් වඩාත්ම කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකි විය යුතුවේ. මෙම ප්‍රමිතිය තෘප්ත කිරීමට චීන මහජන බැංකුවෙන් ලැබුණු මුදල් හුමවාරුව අසමත්ය. එම මුදල් හුවමාරුව භාවිතයට ගැනීම අරබයා කොන්දේසි පනවා තිබීම එයට හේතුවේ. කෙසේ වුවත් අනාගතයේදී ඒවා ඉවත් කිරීමටත් ඉඩ ඇත.

මෙවැනි පසුබිමක සංචිත නොවන වත්කමක් එකතු කර දැක්වීමෙන් ශ්‍රී ලංකාවේ නිල සංචිතවල ප්‍රමාණය සත්‍ය අගයට වඩා වැඩිකර පෙන්වීමක් සිදුවේ. උදාහරණයක් ලෙස 2025 මැයි මාසයේ රටේ නිල සංචිත ප්‍රමාණය වාර්තා කෙරුණේ ඩොලර් බිලියන 6.3ක් ලෙසය. නමුත් මෙම වාර්තාකරණය අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව සිදුකෙරුණේ නම්, එම අගය ඩොලර් බිලියන 4.9 ක් විය යුතුව තිබිණ.

නිවැරදි නොවන මෙම වාර්තාකරණය දේශපාලකයන් මෙන්ම රජයේ නිලධාරීන් ද නැවත නැවතත් ඔවුන්ගේ අදහස් දැක්වීම්වලට යොදාගෙන ඇත. එකිනෙකින් වෙනත් ක්‍රම දෙකකට සංචිත ගණයට කර එහි වර්ධනය ඉදිරිපත් කර තිබීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත. එනම් චීන මුදල් හුවමාරුව රහිතව ගණනය කළ සංචිත අගය සහ එය ඇතුළත් කළ සංචිත අගය සමග සංසන්දය කිරීමයි. මේ නිසා 2022 අප්‍රේල් මාසයේ සිට රටේ සංචිතවල වර්ධනය සම්බන්ධයෙන් පලව ඇත්තේ ඉඳුරාම වැරදි අදහස් යැයි ද එහි දැක්වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

මහා යුද්ධයක පෙරනිමිති – ඉරාන-ඊශ්‍රායල ගැටුම උග්‍ර අතට

ප්‍රධාන පුවත්

කොළඹ කාටද තීන්දුව අද

ප්‍රධාන පුවත්

විපක්‍ෂයෙන් පත්වූ සභිකයන් 223 කගේ නම් මැකොට තාමත් ලැබී නෑ

ප්‍රධාන පුවත්

හිටපු ඇමැති දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසියට

ප්‍රධාන පුවත්

ජ්‍යෙෂ්ඨතම රංගධාරිනියට ලැබුණු උත්තම උපහාරය……

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok