2050 වන විට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අදට වඩා සියයට 77 කින් පමණ ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.
ඒ අනුව ගෝලීය පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 35ක් දක්වා ඉහළ යනු ඇතැයි ද එමගින් අනාවරණය කර තිබේ.
එම අගය 2022 වසරට වඩා සියයට 77 ක වැඩිවීමක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 2023 වසරේ ශ්‍රී ලංකාවේ නව පිළිකා රෝගීන් 33,000ක් හඳුනාගෙන තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන මගින් හෙළිවන අතර මරණ 19,000ක් වාර්තා වී ඇත.
පිරිමි පුද්ගලයන් අතර මුඛ පිළිකා රෝගය ද, කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගය ද පැතිරෙන බවට හඳුනාගෙන ඇත. මෙරට ජනගහනයෙන් ලක්ෂයකට රෝගීන් සියයට 16.5 ක් පිරිමින් අතර මුඛ පිළිකා රෝගයද, සියයට 27.3ක් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගය ද වැළඳී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.
දුම්කොළ සහ මද්‍යසාර භාවිතය, තරබාරුකම සහ ආශ්වාස කරන වාතයේ ඇති දුර්වල ගුණාත්මක තත්ත්වය රෝගීන්ගේ වැඩිවීමට බලපාන සාධක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ලොව පුරා පිළිකා වර්ග සියයක් මේ වනවිට හඳුනාගෙන ඇත. මේ අතරින් වඩාත් සුලබ පිළිකා වර්ග 05 ක් පිළිකා මරණවලින් සියයට 50 කට පමණ බලපා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නිමල් ගුණතිලක ✍️