යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලිය
2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය පාපන්දු කිරුළ හිමි කරගත්තේය.
තියුණු සටනකින් යුක්ත වූ එම තරගය නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් 2ම ගෝල දෙක බැගින් රැස්කර තිබූ නිසා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුන් ක්‍රියාකළ අතර එහෙත් එම කාලය තුළදීත් දෙපිලම කිසිදු ගෝලයක් ලබාගැනීමට අවස්ථාව උදා කර නොගත් අතර ඒ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කළේ දඬුවම් පහර මගිනි.
එහිදී දඬුවම් පහර 05ට 3ක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය ලබාගත් අතර ඒ අනුව 2025 යුරෝපියන් නේෂන් ලීග් පාපන්දු ශූරතාව පෘතුගාලය දිනාගනු ලැබීය.
සුසිල් ජයකොඩි