
9 වැනි දකුණු ආසියා කරාතේ ශූරතාවලිය මෙම මස 05 වැනිදා සහ 6 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඇරඹේ.
කරාතේ ශූරතාවලිය සඳහා රටවල් 6ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය සහභාගි වෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් මලියදේව පිරිමි විදුහල, ශාන්ත ආනා විදුහල, මලියදේව බාලිකා විදුහල, ජනාධිපති බාලිකා විද්‍යාලය, වාරියපොළ සුමංගල විදුහල නියෝජනය කරන දරුවෝ වෙති. එම කරාතේ ශූරතාවලිය සඳහා මෙවරත් පුහුණුකාර තනතුර දරන්නේ වී. එල්. ජේ. පද්ම ශ්‍රී මංජුලයි.
