බාලිකා අංශයේ ශූරතාව කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනී
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය
නෙස්ලේ ලංකා සමාගමේ ඵෂඛධ සන්නාමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ සාර්ථකව අවසන් වුණි.
දින 06 ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැත්වූ මෙම තරගාවලිය සඳහා දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් වයස් කාණ්ඩය 06 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500 කට අධික ප්‍රමාණයක් පාසල් 315 ක් නියෝජනය කරමින් සහභාගි වූහ.
මෙවර තරගාවලියේ බාලක අංශයේ පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 20 වැනි වරටත් දිනාගැනීමට ලකුණු 562 ක් ලබාගත් කොළඹ ශා. ජෝශප් විද්‍යාලය සමත් වුණ අතර අනුශූරතාව දිනා ගත්තේ ලකුණු 268ක් ලබාගත් කොළඹ 10 ආනන්ද විද්‍යාලයයි.
බාලිකා අංශයේ ශූරතාවය ලකුණු 349 ක් ලබාගත් කොළඹ කාන්තා විද්‍යාලය ලබාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාව හිමිවූයේ ලකුණු 280 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලටය.
මිශ්‍ර පාසල් ශූරතාව ලකුණු 518.5 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හිමි වූ අතර අනුශූරතාව ලකුණු 311.5 ක් ලබාගත් ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමිවිය.
පාසල් දියපිමි තරගාවලියේ බාලක අංශයේ ශූරතාවය ලකුණු 184 ක් ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලය දිනාගත් අතර අනුශූරතාව ලකුණු 65 ක් ලබාගත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට හිමි විය.
දියපිමි බාලිකා තරගාවලියේ ශූරතාවය ලකුණු 147 ක් ලබාගත් කොළඹ බිෂොප් විද්‍යාලය දිනාගත් අතර අනුශූරතාව ලකුණු 78 ක් ලබාගත් ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයට හිමිවිණි.
49 වන පාසල් පිහිනුම් හා දියපිමි ශූරතාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්, අධ්‍යාපනය අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ අනුර අබේවික්‍රම, නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ රුවන් වැලිකල, නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ පාන වර්ග (ඊැඩැර්ටැි) මොහොමඩ් අලි, ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ උපදේශක, දකුණු පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රාහකත්ව හා ක්‍රියාකාරකම් ජේ්‍යෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති එන්. ඩබ්ලිව්. ඊ. ජේ. එම්. ඩී. ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුණි.
සටහන හා ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත