49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ලද මධ්‍යම පළාත් වූෂු තරගාවලියේදී මහනුවර උසස් බාලිකා විද්‍යාලය පදක්කම් පහක් හිමිකර ගනිමින් ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් පස් දෙනකු සුදුසුකම් ලබාගැනීමට සමත්වූවාය.
මධ්‍යම පළාත් වූෂු තරගාවලියේදී තාඕලූ සමූහ අංශය නියෝජනය කරමින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා සිව්වන ස්ථානයක් හිමිකර ගැනීමට උසස් බාලිකාවන් සමත් වූ අතර එහිදී ජී. වී.කේ. රත්තෙපිටිය, එම්.ආර්.ජේ.ජී.බී. මන්දෝධාරා, බී.ඒ.ඒ.ඊ. බාලසූරිය රන් පදක්කම් දිනාගත් අතර, එච්.ඒ.එස්.සී. හේරත්, එච්.ඒ.ඩී.එස්. අත්තනායක රිදී පදක්කම් ද, ජී.පී.එස්.එස්. ගුණසේකර සිව්වන ස්ථානයද හිමි කර ගන්නා ලදී. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වූෂු පුහුණුකරු ලෙස ශ්‍යාමන් ලියනාරච්චි මහතා කටයුතු කරනු ලබයි.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන