
ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා කියා සිටියේ නවක ක්‍රීඩක සොනාල් දිනෂට අද ටෙස්ට් තරගයේ හිස් වැසුම හිමිවනු ඇති බවයි.
තවද ධනංජය ද සිල්වා කියා සිටියේ කණ්ඩායම ගැන බලද්දී සොනාල් දිනුෂ හොඳම විකල්පයක් බවයි. ඒ අනුව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකියාව බොහෝ දුරට සොනාල්ට හිමිවෙන බවය.
වමත් පිතිකරුවකු වන සොනාල් පළමු පෙළ තරග 48කට ක්‍රීඩා කර ඇති අතර පළමු පෙළ ශතක 7ක් ද ඔහුට හිමිව ඇත.
තවදුරටත් අදහස් දැක්වූ නායක ධනංජය ද සිල්වා සංචිතයේ දෙදෙනකු ගැන අපි හිතාගෙන ඉන්නවා. කාලගුණයත් නිතරම වෙනස්වෙනවා. මොනවා වුණත් අද උදේ තමයි තීරණය කරන්නේ මොකද්ද කරන්නෙ කියලා.
කෙසේ වෙතත් තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය බව පෙනී යනවා.