ඕපනායක, උඩවෙල සිට අකැරැල්ල මාර්ගයේ රතුපාලම අසල විකල්ප වැල්පාලම ඊයේ (09) උදේ ගඟට කඩා වැටී ඇත. එම අවස්ථාවේ වැල් පාලමේ විශාල පිරිසක් ගමන් කර ඇතත් අනතුර අවම කර ගැනීමට සමත්ව ඇත.
එම පිරිස අතර ගර්භණී මාතාවක් ද සිට ඇත. ඇය මානසික පීඩාවට පත් වූ බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.
ඕපනායක කොට්ඨාසයේ ගම් රැසක් වෙනුවෙන් ඇති මෙම රතු පාලම වසර සීයකට අධික පැරණි එකකි.
එම රතු පාලම අලුතින් ඉදිකිරීමට ඉකුත් දා ගලවා ඉවත් කර තිබූ අතර ඊට විකල්පයක් ලෙස මගීන් වෙනුවෙන් වැල් පාලමක් ඉදිකර තිබිණි.
එකවර පහලොස් දෙනකුට අඩු පිරිසක් ගමන් කළ හැකි මෙම පාලමේ තිස් දෙනකුට අධික පිරිසක් එකවර ගම කිරන අවස්ථාවේ වැල්පාලම වේ ගඟ ට පහත් වී ඇත.
ගමන්ගත් පිරිස කෑකෝ ගසමින් දෙපසට දිවයෑමෙන් සිදුවීමට ගිය අනතුර පාලනය වූ බව සිද්ධිය දුටු ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.
ඊයේ දවල් වන විට වැල්පාලම යථාතත්තවයට පත්කර තිබුණි. එම ගම්වල සිටින ජනතාවට එම විකල්ප වැල් පාලම ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශවසීහු කියති.
ඕපනායක ජයලත් එම් විමලසේන