ඇමැති ආනන්ද විජේපාල
ශ්‍රී ලංකා පොලිසියේ ව්‍යුහාත්මක වෙනස්කම් කරන්නත් ප්‍රමාණාත්මක බඳවා ගැනීම් සිදු කර පොලිස් සේවය ගුණාත්මක තත්ත්වයෙන් පවත්වාගෙන යෑමටත් මේ වනවිට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පොලිසිය ප්‍රමාණාත්මකව වැඩි කිරීම සඳහා යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිට නීත්‍යානුකූලව ඉවත්ව යහපත් කල්කිරියාවෙන් කටයුතු කරන වයස අවුරුදු 45 ට අඩු 10,000ක් අවුරුදු පහක් සඳහා පොලිස් උප සේවයට බඳවා ගැනීමටත්, පොලිසියේ ස්ථිර සේවයට පන්දහසක් සහ නීතිඥවරුන් සියයක් පොලිසියට බඳවා ගැනීමටත් තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
ආනන්ද විජේපාල ඇමැතිවරයා එසේ කියා සිටියේ පසුගියදා තඹුත්තේගම 46 වන පොලිස් කොට්ඨාස කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මකුලෑව – එල්. ඒ. කුමාර