පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත් කර තිබේ.
විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගත හැකි බව එම පත්‍රිකාවේ සඳහන් වේ. පාසල් පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් නව උපදෙස් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යෑම සඳහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට එමගින් යෝජිතය.
ඒ අනුව පාසල්වල විටින්විට සිදුකෙරෙන පරීක්ෂාවලදී එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ ස්ථාන වාර්තා වුවහොත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගත හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා