සිරගෙවල්වල තදබදය ගැනත් යෝජනාවලියක් අපි ඉදිරිපත් කළා
බෞද්ධ විහාරස්ථාන සංවර්ධනයට හා ශාසනික උන්නතිය තකා අනුග්‍රහය ලබාදීමට ලෝක මනුසත්ත්ව පදනම වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරගෙන යයි.
අඩු දායක සංඛ්‍යාවක් සිටින දුෂ්කර පළාත්වල වෙහෙර විහාරස්ථානවලට මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බව එම පදනමේ සභාපති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ස්වාමීන් වහන්සේලා ඉතා අඩු විහාරස්ථාන කේන්ද්‍රීය කරගෙන පැවිදි කිරීම් සිදුකිරීම හා අඩු පාඩු සොයා බලා හැකි තරමින් උදව් කිරීම අපේ අරමුණයි. දැනටමත් එවැනි ස්ථාන කිහිපයකටම අපි ආධාර ලබාදී තිබෙනවා. මේ කටයුත්ත සඳහා මහජනතාවගේ සහයෝගය හා උපකාරයත් අපි ලබාගන්න අපේක්ෂා කරනවා. එම කටයුත්තට උදව් කරන්න, දායක වෙන්න කැමති අයට හා එවැනි අඩුපාඩු සහිත පන්සල් ගැන ලෝක මනුසත්ත්ව පදනම, අංක 884, වැලිගම්පිටිය, ජාඇළ යන ලිපිනයට දැනුම් දිය හැකියි.
දැනටමත් මනුසත්ත්ව පදනම දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ ගැටලු විසඳාලීමටත් රෝගාබාධවලට මුහුණ දී ශල්‍යකර්මවලට මුහුණ දෙන උදවියටත් අපට හැකි ශක්තිය අනුව අපි අනුග්‍රහය ලබා දෙනවා. ලබාදී තිබෙනවා.
එමෙන්ම සිය ගණනක් රඳවා සිටිය හැකි සිරගෙවල්වල දහස් ගණන් සිරකරුවන් සිර දඬුවම් විඳින විට උද්ගතව ඇති ‘අකාරුණික’ තත්ත්වය ගැනත් අපි යෝජනාවලියක් බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා වෙතත් ජනාධිපතිතුමා වෙතත් අපි ඉදිරිපත් කර තිබෙනවා. සමාජයේ වැරදි නිසා බොහෝ අය සිරදඬුවම්වලට මුහුණ දුන්නත් ‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යන්න අද වචනයට පමණක් සීමාවී ඇති තත්ත්වයක් මේ තදබදය නිසා අපි දකිනවා. දඩ ගෙවා ගන්න බැරිව හා සුළු වැරදිවලට දඬුවම් විඳින අයට කිසියම් කොන්දේසි මත සහනයක් ලබා දීමටත් එමගින් අපි ලිඛිතව යෝජනා කළා” යැයි ද ගුරුගේ මහතා කීය.