නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් පිරිසකට ලිංගික හිරිහැර කළ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි තරුණයන් දෙදෙනකුට බස් රථයේ කොන්දොස්තරවරයා එරෙහි වූ අවස්ථාවේ එම දෙදෙනා කොන්දොස්තරවරයාට පොලුවලින් පහර දී තුවාල සිදුකර ඇත.
තුවාලලත් කොන්දොස්තරවරයා රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.
ධර්මසේන වැලිපිටිය