වෙරළේ බිකිනි තහනම් නෑ – පොලිසිය
‘බිකිනි එපා’ යනුවෙන් සඳහන් වන ලිපියක් සමාජ මාධ්‍ය ජාලයේ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.
මෙය නිකුත් කර ඇත්තේ ආරුගම්බේ හා පොතුවිල් වාසය කරන ප්‍රජාව විසිනි. ඉංග්‍රීසියෙන් නිකුත් කර ඇති මෙහි සඳහන් වන්නේ ආරුගම්බේ හා පොතුවිල්වලට පැමිණෙන සංචාරකයන් ගෞරවයෙන් පිළිගන්නා බවත් පොදු ස්ථානවලට බිකිනිවලින් සැරසී පැමිණීමෙන් වළකින ලෙසත්ය. ප්‍රදේශයේ සම්ප්‍රදායන් ගැන සිතා එලෙස කටයුතු කරන ලෙස ආරුගම්බේ නැවතී සිට එහි ආකර්ෂණය විඳගන්නා ලෙසත් එහි සඳහන් වේ.
මෙවැනි පෝස්ටරයක් පොතුවිල් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර ඇති බවත් එයින් ඉල්ලා ඇත්තේ බිකිනිවලින් සැරසී පාර දිගේ නොයන ලෙස බවත් පොලිසිය කියයි. වෙරළේ බිකිනි ඇඳීම තහනම් නැති බව පොලිසිය කියයි.