Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පෞද්ගලික බස් රථ කාලසටහනක ගැටලුවක් ලංගම ඩිපෝ දෙකක් විරෝධතාවක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පෞද්ගලික බස් රථ කාලසටහනක ගැටලුවක් ලංගම ඩිපෝ දෙකක් විරෝධතාවක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පෞද්ගලික බස් රථ කාලසටහනක ගැටලුවක් ලංගම ඩිපෝ දෙකක් විරෝධතාවක

3 weeks ago
54 Views

බිබිල සහ දඹුල්ල ඩිපෝ සේවකයෝත් සහයෝගයට

ගැටලුව සාකච්ඡා කළා ඩිපෝවේ අය අතරමගදී නැගිටලා ගියා – ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සේනක ප්‍රනාන්දු

පෞද්ගලික බස් රථයක කාලසටහනක ගැටලුවක් හේතුවෙන් ලංගම ඩිපෝ දෙකකට අයත් සේවක සේවිකාවන්, සේවයෙන් ඉවත් වී ඊයේ (22දා) මහියංගණ ඩිපෝව අභියසදී විරෝධතාවයක නිරත විය. එම විරෝධතාවය සඳහා මහියංගනය සහ උඩදුම්බර ලංගම ඩිපෝවල සේවක සේවිකාවන් ද එක් වී සිටියහ.

මොනරාගල සිට වවුනියාව දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථයක කාලසටහනක ධාවන කාලය හේතුවෙන් කාලයක පටන් ඇතිවන පීඩාවන් මත එම සේවක සේවිකාවන් එසේ විරෝධතාවයේ නියැළිණි.

විරෝධතාවයේ නිරත ලංගම සේවකයන් පවසා සිටින්නේ එම පෞද්ගලික බස් රථයේ ධාවන කාලය වෙනස් නොකිරීම හේතුවෙන් බිබිල මහියංගණය හසලක දඹුල්ල යන ලංගම ඩිපෝවල බස් රථවලට මූල්‍යමය පාඩුවක් සිදුවන බවත්, බදුල්ල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අදාළ බලධාරීන් සමග මේ සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා පවත්වා මෙම බස් රථයේ ධාවන කාලය වෙනස් කර දෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් සිදු කළද මෙතෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් නොදීම හේතුවෙන් විරෝධතාවයේ නිරතවන බවකි.

මෙම උද්ඝෝෂකයන් ප්‍රකාශ කර සිටින්නේ තම උද්ඝෝෂණයට සහාය පිණිස බිබිල සහ දඹුල්ල ලංගම ඩිපෝවල සේවකයන්ද බස් රථ ධාවනය නොකර මෙම උද්ඝෝෂණයට සහයෝගය දක්වන බවකි.

ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සේනක ප්‍රනාන්දු මහතා,

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඔය ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ගෙන්නලා සාකච්ඡා තිබ්බා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චන්ද්‍රපාල මහත්තයා ඔය ගැටලුව විසඳන්න කොන්දේසි තුනක් ලබාදුන්නා. ඉන් එකක් හෙට්ටිපොලින් 12.10 ට පිටත් වීම වෙනුවට 12.30ට පිටත් වීම, බස් රථයේ සී.සී.ටී.වී. කැමරා සවි කිරීම. අපි එකතුවෙලා ඒකාබද්ධ පරීක්ෂණයක් කිරීමට යෝජනා කළා, කොන්දේසි අනුව ඒ අය බස් රථ ධාවනය කරනවාද යන්න පරීක්ෂා කිරීමට. සාකච්ඡාව අවසානයේ ලංගම පාර්ශ්වයේ අය එම කොන්දේසිවලට එකඟ නැති බව පවසමින් සාකච්ඡාවෙන් ඉවත්ව ගියා, අත්තනෝමතිකව. ඒ අය යන ගමන් කියාගෙන ගියා අපි මේක අල්ලස් කොමිසමට වාර්තා කරනවා, අපි ජනාධිපතිතුමාට දැනුම් දෙනවා කියලා. අපේ සභාපතිතුමා කිව්වා ඒ අයගේ කැමැත්තෙන්නේ සාකච්ඡාවෙන් ඉවත්වෙලා ගියේ ඒ අයට කැමති දෙයක් කර ගත්තාවේ කියලා. ඊට පස්සේ දවස් කිහිපයක් බස් එක දුවලා පස්සේ නැවත ලියුමක් දාලා තියෙනවා එයාලා බස් වර්ජනයකට යනවා කියලා. සමන්ත විද්‍යාරත්න මහත්තයා ඇතුළු අපි හැමෝටම ඒ අය ලියුම් ගහලා තියෙනවා. දැන් සිදුවෙච්ච සිද්ධියත් එක්ක ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිතුමා මේ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වෙලා. ගැටලුව විසඳා ගන්නා තෙක් පෞද්ගලික බස්රථය උදෑසන 9.30ට මොනරාගලින් ගමන් ආරම්භ කරනවා වෙනුවට සවස 5.00ට ගමන් ආරම්භ කරන ලෙස ගමන්වාර කාලසටහන වෙනස් කර ගැනීමට උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව අපිවත් දැණුවත් කරලා තියෙන්නේ.

මහියංගණ – රංජිත් කරුණාවීර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

7 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

මං මර්වින්

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙහිවල ගල්කිස්ස ගිනි බටයාගේ තෙමහල් නිවසේ උඩුමහලේ – ලක්ෂ 36ක කුෂ් වවලා

ප්‍රාදේශීය පුවත්

කෙහෙළියගේ නිවසේ සේවිකාව රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

දළය ගැලවී අතුරුදන් වුණු සුමේධ යළිත් මින්නේරියට ඇවිත්

ප්‍රාදේශීය පුවත්

සිලෝන් චොක්ලට් සමාගමේ (කැන්ඩොස්) පොසොන් දන්සල

ප්‍රාදේශීය පුවත්

බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහඋළුගෙදර යවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok