සැකකරු 26 දා තෙක් රිමාන්ඩ්
හැට්ට කටුවක් උපයෝගි කර ගෙන ඉතාමත් සූක්ෂම ලෙස දෙහිඅත්තකණ්ඩිය අවට වෙළෙඳසල් 04ක් කඩා රුපියල් ලක්ෂ 05ක පමණ මුදල් ඇතුළු දෑ සොරකම් කර ඒවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කළ අයිස් හා කුඩුවලට ඇබ්බැහි වූ 27 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සමත් වූහ. සැකකරු දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මේ සොරකම් නිතර නිතර සිදුවීම හේතුවෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රහසිගතව උපායශීලීව වැටලීම කර මොහු හඳුනා ගෙන අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහාතාගේ
උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍රසිරි, පොලිස් සැරයන් (61636) අජිත්, පොලිස් සැරයන් (69145) ගුණසේකර, පොලිස් සැරයන් (69368) ජයසිරි, පොලිස් සැරයන් (74322) රාජපක්ෂ, පොලිස් කොස්තාපල් ප්‍රසන්න, බස්නායක යන මහත්වරු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළහ.
දෙහිඅත්තකණ්ඩිය – රණතුංග සහ ඇලහැර නිශ්ශංක වෙලගෙදර