ජුනි 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පෙරේදා (05 දා) පැවැත්විණි.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකරල සභානායක ඇමැති බිමල් රත්නායකල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න, ආහාරපාන හා ගෘහපාලන අධ්‍යක්ෂ රාජ් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රුක් රෝපණ වැඩසටහනට සහභාගී වූහ.