විරුද්ධ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් බිලි බා ගැනීම සඳහා ආණ්ඩුව ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කළත් සමගි ජන බලවේගය එසේ කටයුතු කරන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීයග එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (5 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ එම මන්ත්‍රීවරයා එහිදී මෙසේද කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ බලය යොදවා ජාතික ජනබලවේගයට පළාත් පාලන ආයතන 161ක පමණයි බලය තහවුරු කිරීමට හැකියාව ලැබුණේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට ආණ්ඩුව නොයෙකුත් බලපෑම් එල්ල කළා. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පළාත් පාලන මැතිවරණයට සෘජුව මැදිහත් වුණෙත් මෙවර පළාත් පාලන මැතිවරණයේදීග ඒ වගේම ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වපු රැස්වීම්වලදී ජනතාවට අනියම් ආකාරයට බලපෑම් එල්ල කරන්න කටයුතු කළා.
පළාත් පාලන ආයතන සියල්ල ආණ්ඩුව හිමි දේශපාලන පක්ෂය සතු විය යුතු බව තමයි ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළේ. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කරන්නේ එසේ සිදු කළොත් පමණක් බවද ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජනාධිපතිවරයා එලෙස විවිධ බලපෑම් එල්ල කළත් පළාත් පාලන මැතිවරණයේදී සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව විරුද්ධ පක්ෂය පෙළගැසී සිටින ආකාරයක්ද දකින්න ලැබෙනවා.
කොළඹ මහ නගර සභාවේ බලය ලබාගන්නා බවද ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරනවාග නමුත් විරුද්ධ පක්ෂයට බහුතර බලයක් තිබෙන අවස්ථාවක ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව විශේෂ අවධානයක් යොමුකළ කොළඹ මහ නගර සභාවේ බලය පැහැදිලි බහුතරයකින් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් ජයග්‍රහණය කරන බවට පැහැදිලි ලෙසම සඳහන් කළ හැකියිග ඒ වගේම ආණ්ඩුවට බහුතරය නැති අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය තිබෙන්නෙත් විපක්ෂයේ කණ්ඩායම්වලට. එම විපක්ෂයේ කණ්ඩායම් ඒකරාශි වී සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් එම පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට කටයුතු කරනවා.
ආණ්ඩුව මේ වනවිට සභිකයන් ජාතික ජනබලවේගය වටා එකතු කරගැනීමට විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවාග ඒ වගේම විරුද්ධ පක්ෂවලල ස්වාධීන කණ්ඩායම්වල අපෙක්ෂකයන් බිලි බා ගැනීම සඳහා ආණ්ඩුව ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙනවාග ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු විපක්ෂයේ සභිකයන් සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හමුවී සාකච්ඡාද පවත්වා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජන බලවේගය බලයට පැමිණියේ පිරිසිදු දේශපාලනයක් රට තුළ ඇතිකරනවා කියන පොරොන්දුව ජනතාවට ලබාදෙමින්. ඒ වගේම විවිධ වරදාන වරප්‍රසාද ලබාදී මන්ත්‍රීවරු ඔවුන්ගේ පක්ෂයට ලබා නොගන්නා බවත් ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළාග කෙසේ නමුත් ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල කියපු ඒ දේශපාලන සදාචාරය අද වනවිට දකින්න ලැබෙන්නේ නෑ.
අකිත පෙරේරා