මෙරට දිනකට කසිප්පු, කරිඤ්ඤං ලීටර් දෙලක්ෂයක් පරිහරණය වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් රවුෆ් හකීම් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා මේ බව කීය. ඔහු එහිදී මෙසේද කියා සිටියේය.
කසිප්පු, කරිඤ්ඤං දවසකට ලීටර් දෙලක්ෂයක් පරිහරණය වෙනවා මේ රටේ. ඒක නතර කරන්න තමයි අපි නිතරම කිව්වේ ගල්ඔයට ඇතිමලේට වගේ සීනි නිෂ්පාදනය කරන මොලෑෂස් හදන ආයතනවලට ලයිසන් එක දෙන්න කියලා අඩු මිලට අරක්කු බෝතලයක් හදන්න. එතනදී ප්‍රශ්නය තිබන්නේ අපේ නොවේ. මේ ගැන මම ජනාධිපතිට වාර්තාවක් දෙනවා. අරක්කු සමාගම්වලින් සල්ලි ගන්න මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ ගැන මම හෙට අනිද්දාට විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ අය බිස්නස් එකක් කරන්නේ. මේක නිවැරදි කරන්න ඕනා. නැත්නම් සීනි කර්මාන්තයත් ඉවරයි.
චාමර සම්පත් මහතා- සීනි කර්මාන්තශාලා වහන්න එපා. එතනෝල් මිල වැඩි කරන්න. රතු සීනිවලට වැට් එක අයින් කරන්න එතකොට ප්‍රශ්නය ඉවර වෙනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන