පළමු පියවර අද රාජගිරියේ දී
කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍යවලට යොමුවීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස රාජගිරියල මෝදරල කොළොන්නාවල මොරටුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණල ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධ කටයුතුවල නියැළී සිටින අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එම ප්‍රදේශ ඇතුළු අවදානම් ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු පියවර
රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවල අද (05දා) පෙරවරු 9ග30 සිට සවස 2ග30 දක්වා ක්‍රියාත්මක කෙරේග එහිදී පාසල් 07ක දරුවන් දැනුවත් කිරීමල වීදි නාට්‍යල ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම් සිදු කරන බව එම වැඩසටහනේ සහකාර අධ්‍යක්‍ෂ නිලානි අලුත්ගේ මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය (ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර), මෝදරල මට්ටක්කුලියල කොළොන්නාවල වැල්ලම්පිටියල මොරටුවල ගල්කිස්සල බොරැල්ලල වනාතමුල්ල යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අවදානම වැඩි වශයෙන් පවතින බවට හඳුනාගෙන ඇත. එම ප්‍රදේශවල ඉදිරි දිනවලදී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
චමින්ද සිල්වා