අගමැතිනි හරිනි කියයි
විශ්වවිiාල තුළ නවක වධය ලබාදීම් හෝ වෙනත් සාහසික සිද්ධි සම්බන්ධයෙන් පසුගිය වසර පහ තුළ කිසිදු නඩු පැවරීමක් හෝ දඬුවම් දීමක් සිදු කර නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසුවාය.
අගමැතිගෙන් ඇසීම සඳහා ඇති ප්‍රශ්න වටයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුජීව දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය. නවක වධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මෙසේද කියා සිටියාය.
“1998 අංක 20 දරන අධ්‍යාපන ආයතන නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නඩු පැවරීම් කර නෑ. නවක වධය විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර සැලසුම් කෙරෙනවා කියලා අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම නවකවධය පළමු වසරින් අවසන් වන්නේ නෑ කියන එකත් අනාවරණය වෙලා තිබෙනවා. එබැවින් එය පුළුල් ප්‍රශ්නයක් වෙලා. නවක වධය නැවැත්වීම සඳහා කාර්යසාධක බළකායක් පත් කර තිබෙනවා. ඒ සඳහා ශිෂ්‍යයන් ද ඇතුළත් වෙනවා.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන