පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ආණ්ඩුව මෙතෙක් තීරණය කර නොමැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසුවාය.
සමගි ජනබලවේගය මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව කීවාය. එහිදී ඇති වූ සංවාදය මෙබඳුය.
රෝහිණී කවිරත්න මහත්මිය – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය අහෝසි වෙනවාද? හය වසරට දරුවන් ඇතුළත් කරන්නේ කොහොමද?
අගමැතිනිය – ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි ක්‍රියාත්මක කරනවා.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන