පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් අටදහසක් යෙදවීමට කටයුතු යොදා ඇතැයි වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඒ අනුව මිහින්තලය හා අටමස්ථානය මූලික කර ගනිමින් මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද වැඩ බලන පොලිස්පතිවරයා කියයි.
ලබන 8 වැනිදා සිට මෙම නිලධාරීන් රාජකාරිවල යෙදවීමට නියමිත අතර, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමේ නිලධාරීන් සහ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් එම පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතය.
සුජීව තත්සර