Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැප වෙනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැප වෙනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැප වෙනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

2 weeks ago
36 Views

හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පූජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා 60 නමක් විෂයෙහි ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ්ලට් පරිගණක සහ විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඉකුත් 21 දා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ් පරිගණක අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතින් මහා සංඝයා වෙත පිරිනැමීම මෙහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය,

“ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සිදු කිරීම ඉතාමත් කාලෝචිතයි. වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික දියුණුව, ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අභියෝගයක්. නමුත් මෙම වැඩසටහනෙන් පැහැදිලි වෙනවා තාක්ෂණය සහ නවෝත්පාදන, බෞද්ධ දර්ශනය ඉගැන්වීම්, සුරැකීමට සහ ප්‍රචාරය කිරීමට කොතරම් අර්ථවත් ලෙස යොදාගත හැකිද කියලා.

ත්‍රිපිටකය හුදෙක් ධර්ම ග්‍රන්ථ එකතුවක් පමණක් නොවෙයි. එය බෞද්ධ ශිෂ්ටාචාරයේ සදාචාරාත්මක, දාර්ශනික හා ආධ්‍යාත්මික පදනමයි. මෙම පූජනීය ධර්ම ග්‍රන්ථවලට තරුණ සංඝයා වහන්සේලාට වඩාත් ඉක්මනින් ප්‍රවේශ වීමට හැකිවීම තුළින් සංඝ පරම්පරාව අතර සබැඳියාව ශක්තිමත් වෙනවා. ඒ වගේම වර්තමාන ලෝකය තුළ ධර්මය හැදෑරීමට, ප්‍රගුණ කිරීමට සහ ජීවිතයට බුද්ධ ධර්මය ළඟාකර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

මෙවැනි ව්‍යාපෘතිවලට සහාය දැක්වීමට වගේම ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා. බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය වැනි ආයතන පෝෂණය කිරීම අපේ සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික යහපැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි රජය සලකන්නේ.

බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය රෝගාතුර භික්ෂුන් වහන්සේලාට ලබාදෙන රැකවරණය, විවේකය, දයාව, ගෞරවය සහ සේවය අපගේ ජාතියේ උසස්ම පරමාදර්ශයන්ට කදිම නිදසුනක්.

මෙම පින්බර කටයුත්තට දායක වූ සියලු දෙනාටම කෘතඥතාව පුද කරනවා.

ද්‍රව්‍යමය වශයෙන් හෝ අධ්‍යාත්මික දිරිගැන්වීම් තුළින් දැක්වූ සහයෝගය, සාමූහිකත්වයේ උදාරත්වය පිළිබිඹු කරනවා යැයි අගමැතිනියට ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මැලේසියාවේ වැඩවසන පූජ්‍ය කුජටාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කඩහිංගල ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, මැලේසියාවේ, තායිලන්තයේ සහ මෙරට ගිහි උපාසක උපාසිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok