Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සියලුම අනවසර කඩ ගලවා ඉවත් කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සියලුම අනවසර කඩ ගලවා ඉවත් කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සියලුම අනවසර කඩ ගලවා ඉවත් කරන්න

June 23, 2025
46 Views

ඇමැති අනුර කරුණාතිලකගෙන් නිලධාරීන්ට උපදෙස්…
පොලිසියට අල්ලා දෙන මංකොල්ලකරුවන් පැය දෙක තුනකින් නැවත මැනිං මාර්කට් එකටම ඇවිත් මංකොල්ල කනවා
ව්‍යාපාරික ප්‍රජාව

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික ප්‍රජාවගේ භාණ්ඩ සහ එම ස්ථානයේ පොදු දේපලවල ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දෙමින් ජූලි මස පළමුදා සිට සවස හයට මැනිං මාර්කට්ටුවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව වසා දමන්නැයි ඉකුත් 21දා එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වෙළඳ සංගමයේ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශයටත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ටත් උපදෙස් ලබාදී ඇත.

මැනිං වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික ප්‍රජාව වත්මන් රජයේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වෙත ඔවුන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් පැමිණිලි කරමින් එම ගැටළු නිරවුල් කරගැනීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබූ අතර නිරීක්ෂණ චාරිකාවෙන් පසුව පැවැති සාකච්ඡාවේදී ඇමැතිවරයා එම ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් පසුව පිළිතුරු ලබා දුන්නේය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අතර එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

“අපි තේරුම් අරන් තියෙනවා මේ ස්ථානයේ ගැටළු තියෙන බව. අක්කර දොළහකට වැඩි භූමියක පිහිටි වෙළඳ සංකීර්ණයක් ගැටළු නැත්නම් තමයි පුදුමයක් වෙන්නේ.

සමහර ගැටලු විවිධ පාර්ශව විසින් ඔවුන්ගේ වාසියට ඇති කරපුවා. ඒවට අපේ ආණ්ඩුවෙන් කිසිම සමාවක් නැහැ. මේ සඳහා ක්ෂණික විසඳුම් වගේම මාස දෙක තුනකින් පිළිතුරු දීමට සිදුවන ප්‍රශ්නත් සංගමය විසින් අපිට යොමුකර තියෙනවා”.

“දුරපළාත්වල සිට එළවළු පළතුරු රැගෙන මැනිං වෙළඳ සංකීර්ණයට පැමිණෙන වාහන වලට පමණක් වෙළඳ සංකීර්ණයට පිවිසීමට අවසර පත්‍රයක් (පාස් එකක්) නිකුත් කරන්න. අළුයම 2.00 සිට එම වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර දෙන්න. අතර මැද කාලයේ මාර්කට් එකට එන වාහන සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නොපමාව නීතිමය පියවර ගන්න. මාර්කට් එක ර‍ථ ගාලක් කරන්න ඉඩ දෙන්න එපා. සමහර වාහන දවස් දෙක තුනක් මේ රථගාලේ ගාල් කරලා ගිහින් ඔවුන් පසුව ඇවිත් අරන් යන බවටයි තොරතුරු වාර්තා වුනේ. මේකෙන් රජයට සිදුවන පාඩුව විශාලයි. පෞද්ගලික ර‍ථගාලක වාහනය පාර්ක් කළොත් පැයට දෙකට රිසිට්පත කඩනවා.

මේ එන රියැදුරන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ අවසර පත්‍රය වෙළඳ සංගමයේ මුදල් යොදවා සකස් කර දෙන්න. සියළුම අනවසර කඩ ගලවා ඉවත් කරන්න. ඊට පෙර ඔවුන්ට කාලයක් දෙන්න ඒවා ඉවත් කර ගන්න. ‘අනේ සර් ඒ අපේ කෙනෙක් හරිම දුප්පත්. ජීවත් වෙන්නෙ මේකෙන්. ඒ වගේ නිදහසට කරුණු ගේන්න එපා. මේ අනවසර කඩ විශාල ගැටළුවක්.

ව්‍යාපාර කටයුතුවල නිරත වෙළඳ ප්‍රජාවගේ දුක් ගැනවිලිවලට ඇහුම්කන් දෙමින් ව්‍යාපාරික ප්‍රජාව අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම නිසා පරිසරය අපවිත්‍ර වී ඇති අයුරුද පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට කඩයකට ගොඩවීමට හෝ අපහසුව ඇති අයුරුද ඇමැතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට පෙන්වා දුන්නේය.

මැනිං වෙළඳ සංකීර්ණයේ මහ දවල් සිදුවන අසුරන ලද එළවළු, පළතුරු සොරකම් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් විසින් අමාත්‍ය වරුන් දෙපලට පැමිණිලි කළ අතර එම ස්ථානයේ පිහිටි පොලිස් මුරකුටිය මහජන පැමිණිලි භාර නොගන්නා බැවින් ව්‍යාපාරිකයන්ට ඒ වෙනුවෙන්ම පෑලියගොඩ පොලිසියට යාමට නොහැකි යැයි ව්‍යාපාරිකයන් පැමිණිලි කළ අතර තමන් විසින් පොලිසියට අල්ලා දෙන මංකොල්ලකරුවන් පැය දෙක තුනකින් නැවත මැනිං මාර්කට් එකටම පැමිණ මංකොල්ල කෑමේ නිරතව සිටින අයුරු දකින්නේ යැයි පැවසීය.

වෙළඳ සංගමයේ යෝජනා මාලාවේ සඳහන් වන එම භූමියේ ගොඩනැගිලිවල පවතින අඩුපාඩු, වැස්සට එළවළු පළතුරුවල අනාරක්ෂිත බව හා ගොඩනැගිල්ලේ තැනින් තැන විශාල ලෙස සිදුවන ජල කාණ්දුව වැනි ගැටළු පිළිබඳව පූර්ණ අවධානය යොමුකරමින් ක්ෂණිකව විසඳුම් සහ පසුව සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුද මේ වන විට දැවෙන ප්‍රශ්නයක් බවට පත්වී ඇති වැසිකිළි පහසුකම අවම වීමට කඩිනම් පිළිතුරක් ලෙස ජංගම වැසිකිළි කීපයක් එම භූමියේ සුදුසු තැනක ස්ථානගත කර දීමටද ඇමැතිවරයා පොරොන්දු විය.

වසර අවසාන වීමට පෙර ගිවිසුම් ගත කඩ කුළිය ගෙවා නාගරික සංවර්ධන අධිකාරියට සහාය වන ලෙසත් එම මුදල් මැනිං වෙළඳ සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බැවින් කඩ කුලිය අඩු කරන ලෙස ඉල්ලීම් නොකරන ලෙසත් ඇමැතිවරයා වෙළඳ සංගමයේ සභාපති අජිත් කළුතරගේ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇමැතිවරයා පැවසීය.

මැනිං වෙළඳ සංකීර්ණයට අවශ්‍ය තරම් ආලෝකය නොමැති බැවින් එහි ඇති පොදු දේපල මත්ලෝලීන්ගේ දෛනික මත්කුඩු අවශ්‍යතාවයට ප්‍රයෝජනවත් වී ඇති බැවින් ක්‍රමවත් විදුලි ආලෝක පද්ධතියක් ලබාදෙන ලෙසද වෙළඳ සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නිරත පිරිසට ඔවුන්ට පැවරී ඇති වගකීම සම්බන්ධයෙන් නැවත උපදෙස් මාලාවක්දී දැනුවත් කරන ලෙසත් ව්‍යාපාරික ප්‍රජාව කළ ඉල්ලීමට සවන් දුන් ඇමැතිවරයා ඉදිරියේ දී ආරක්ෂක නිලධාරීන් කීපදෙනෙකු වැඩිපුර සේවයට යෙදවීමටත් සොරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන ලෙසත් උපදෙස් දුන්නේය. නගර සභාවේ සභාපතිවරයා වෙතද වගකීම් පැවරූ ඇමැතිවරයා මහා මාර්ගය දිගට වාහන ගාල් කිරීම වාහනවල තබාගෙන ආහාර පාන විකිණීම අනවසර කඩ අටවා මාර්ගය ඇහිරීම නතර කිරීමට වහාම පියවර

ගන්නා ලෙස උපදෙස් දුන්නේය. රටේ අගනුවර සංවර්ධනය කිරීම සඳහා සහාය වන ලෙස එවකට රජයේ බලධාරීන් කළ ඉල්ලීමට පුරවැසියන් ලෙස ගරු කරමින් පෑලියගොඩට පැමිණි කොළඹ මැනිං මාර්කට් වෙළද සංකීර්ණයේ පාරම්පරික කඩ හිමියන් ඔවුන්ගේ ගැටළු සහ සිදුවී ඇති අසාධාරණ අකටයුතුකම් ඇමැතිවරයා වෙත පැමිණිලි කළ අතර පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ බලය පැවති දේශපාලකයන් ඔවුන්ගේ සහායකයන්ට ඥාතීන්ට මිත්‍රයන්ට සංග්‍රහ කරමින් ව්‍යාපාර ලෝකයේ හෝඩියවත් නොදත් දේශපාලන හෙංචයියන්ට කඩ කාමර ලබාදී ඇතැයි පැමිණිලි කළේය.

කඩකාමර හිමිවිය යුතු පාරම්පරික වෙළදුන් පේමන්ට් එකට ඇද දමා දේශපාලන සහචරයන් කඩ හිමියන් වී ඇතැයිද ඔවුන් පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඉතාම ඉක්මනින් පැහැදිලි සාධාරණ පිළිතුරක් ලබාදීමට ඇමැතිවරයා මෙහිදී පොරොන්දු විය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කුමුදු ලාල්, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් මහතා ඇතුළු මංත්‍රීවරුද ව්‍යාපාරික ප්‍රජාවද වෙළඳ සංගමයේ නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ප්‍රධාන පුවත්

ටෙහෙරානයට පහර දී දින දෙකකට පසුව කටාරයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් මිසයිල වරුසාවක්

ප්‍රධාන පුවත්

මොළය මියගොස් දින 5කට පසුවත් රෝගියකුට ස්නායු සැත්කමක් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

ප්‍රධාන පුවත්

ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී දිවයින ට සම්මාන ත්‍රිත්වයක්

ප්‍රධාන පුවත්

පානදුර – බලංගොඩ – තණමල්විල හා රත්තොට මාලිමාවට

ප්‍රධාන පුවත්

රනිල්ගේ රට සවාරි ගැන සීඅයිඩීයෙන් පුළුල් විමර්ශන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok