Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගෝඨාභයගේ සිංහරාජ පාරට එරෙහි පෙත්සම විභාගයට: අමරවීර සහ චමල් රාජපක්ෂත් වගඋත්තරකරුවෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගෝඨාභයගේ සිංහරාජ පාරට එරෙහි පෙත්සම විභාගයට: අමරවීර සහ චමල් රාජපක්ෂත් වගඋත්තරකරුවෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ගෝඨාභයගේ සිංහරාජ පාරට එරෙහි පෙත්සම විභාගයට: අමරවීර සහ චමල් රාජපක්ෂත් වගඋත්තරකරුවෝ

13 hours ago
693 Views

අධි සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර ඇති සිංහරාජ වනාන්තරය හරහා දිවෙන අඩි අටක මාර්ගය අඩි 15ක පළලකින් යුත් මාර්ගයක් බවට සංවර්ධනය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ පෞද්ගලික මැදිහත්වීමෙන් ගත් පියවර අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය හා පරිසරවේදීන් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (20දා) තීරණය කළේය.

දේශපාලනඥයන්ට හා දේශපාලන හිතවතුන්ට අයත් යැයි කියන සංචාරක හෝටල් හා සංචාරක නිකේතන කරා යෑමට ගමන් පහසුව සැලසීමේ අරමුණින් සිංහරාජය හරහා දිවෙන පටු මාර්ගය නෙළුව සිට දෙනියාය දක්වා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත් එකී ක්‍රියාකලාපය නිසා දෙපස පිහිටි වසර සිය ගණනක් පැරණි ඉතා වටිනා ගස් විශාල ප්‍රමාණයක් විනාශවීමක් පමණක් නොව දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් කියමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වනසත්ව හා වනසංරක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සී. බී. රත්නායක, පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර, මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ යන මහත්වරුන් හා නීතිපතිවරයා නම් කොට තිබිණි. නීතිඥ නිම්මි සංජීවනී මෙනවිය මගින් 2021 වසරේ මාර්තු මස පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් එකී මාර්ගය සෑදීමට බැකෝ යන්ත්‍ර වැනි යාන්ත්‍රික උපකරණ භාවිත කිරීමට 2020 අගෝස්තු මස ගත් පියවර ජාන හා ජෛව සංරක්ෂණයට දැඩි හානියක් සිදුකරනා ක්‍රියාවක් බවත්, එය පුළුල් කිරීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකට අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරනා ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය එමගින් ඉල්ලා තිබිණි.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සමන්ති පොන්නම්පෙරුම හා මතාෂා ජයසිංහ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

7 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ගාල්ලේ බලය මාලිමාවට

ප්‍රධාන පුවත්

උදේ මුදල් යෝජනා ගෙනා නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

ප්‍රධාන පුවත්

යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්

ප්‍රධාන පුවත්

සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීමට ආයෝජන මණ්ඩලය අද සමත් වෙලා – ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි

ප්‍රධාන පුවත්

2029 වන තෙක් ශිෂ්‍යත්වයේ වෙනසක් නෑ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok