Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාල්ලේ බලය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාල්ලේ බලය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ගාල්ලේ බලය මාලිමාවට

June 21, 2025
1617 Views

පොහොට්ටුවේ හිටපු නගරාධිපති මාලිමාවට පක්‍ෂව ඡන්දය දෙයි

සජබ-එජාප-පො.එ.පෙ අය රැස්වීම වර්ජනය කරති

සභාවට පොලිසියත් කැඳවයි

කරපු වැරැදි වහගන්න හිටපු නගරාධිපති මාලිමාව සමග එක්වුණා – විපක්ෂය

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා මන්ත්‍රී ඡන්ද 19ක් ලබා ගෙන ඊයේ (20) පැවැති මංගල සභා රැස්වීමේ දී තේරී පත්විය. උප නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නිතරගයෙන් තේරී පත්විය. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහනගර සභාවේ සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමග ජන බලවේගය විසින් නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් මහතාගේ නම යෝජනා කරනු ලැබීය. ජාතික ජන බලවේගය විසින් ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතාගේ නම යෝජනා කරනු ලැබීය.

නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින් ද විවෘත ඡන්දයකින් ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සහිකයෝ 19 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා සභිකයෝ 17 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.

මෙයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ. එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයෝ තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. සභා ගර්භයට පොලිස් නිලධාරීන් කැඳවීමට ද සිදුවිය.

දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය. නැවත සභා රැස්වීම ආරම්භ වීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.

ඉන් පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ නම පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී නිහාල් මහාවිතාන මහතා විසින් යෝජනා කරන ලද අතර පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීනි චම්පිකා හිමාලි මහත්මිය විසින් එය ස්ථීර කරනු ලැබීය. ඒ අනුව නිතරගයෙන් ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට ප්‍රියන්ත සහබන්දු මහතා තේරී පත්විය.

නගරාධිපති මාලිමාවේ සුනිල් ගමගේ / නියෝජ්‍ය නගරාධිපති පොහොට්ටුවේ සහබන්ධු

ගාල්ල මහනගර සභාව නගර සභිකයින් 36 දෙනකුගෙන් සමන්විත වන අතර මහනගර සභාවේ මංගල රැස්වීම සඳහා සභිකයෝ 36 දෙනාම පැමිණ සිටියහ. මැයි මස 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් හිමිකරගනු ලැබීය. එහෙත් විපක්ෂයේ පක්ෂවලට මන්ත්‍රිධුර 19ක් ලැබිණි. සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමි කර ගෙන ඇති අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමි කර ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් හිමිකර ගෙන ඇති අතර පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් හිමිකර ගෙන තිබුණි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් රැස්ව ප්‍රකාශ කළේ කරපු වැරදි වසා ගන්න හිටපු නගරාධිපතිවරයා මාලිමාව සමග එක්වූ බවයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කලුආරච්චි ගාල්ල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok