Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්

June 21, 2025
1081 Views

ඉරානයේ 639ක් හා ඊශ්‍රායලයේ 24ක් දැනට මියගිහින්

අටවැනි දිනට එළඹ තිබෙන ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ දී දෙපාර්ශ්වය විසින් දිගින් දිගටම එකිනෙකාට එරෙහිව ප්‍රහාරයන් එල්ල කරමින් සිටින අවස්ථාවේ යුරෝපා රටවල් තුනක විදේශ අමාත්‍යවරුන් යුද්ධය සමථයකට පත් කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා සමග ඊයේ (20) ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අනුව එංගලන්ත, ජර්මන් හා ප්‍රංශ විදේශ කටයුතු ඇමැතිවරුන් ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා සමග මෙසේ සාකච්ඡා අරඹා ඇත්තේ ඊශ්‍රායල -ඉරාන යුද්ධය සඳහා ඇමරිකාව මැදිහත් වනවාද යන්න පිළිබඳව ඉදිරි සති දෙකේ දී තීරණයක් ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් බව වාර්තා වෙයි. කෙසේ වුවද ජිනීවා සාකච්ඡා ඇරඹීමට පෙර ඉරාන විදේශ කටයුතු ඇමැති අබ්බාස් අරග්චි ඉරාන රජයේ රූපවාහිනියට පවසා තිබුණේ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කරන වාතාවරණයක් තුළ තමා කිසිවකු සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් නොමැති බවයි. මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා යුරෝපා රටවල් තුනක විදේශ ඇමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට ඊයේ ජිනීවා නගරයට පැමිණ ඇති බව පසුව වාර්තා විය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කැරොලයින් ලෙවිට්ට අනුව ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල -ඉරාන යුද්ධයට ඇමරිකාවේ මැදිහත්වීම ප්‍රමාද කරමින් සිටිනුයේ මෙම යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ප්‍රමාණවත් අවස්ථාවක් පැවතීම හේතුවෙනි. ඉරානයේ න්‍යෂ්ටික හා මිසයිල පහසුකම් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් ඉකුත් සිකුරාදා ගුවන් ප්‍රහාරයන් එල්ල කිරීමත් සමගම දෙරට අතර යුද්ධයක් හට ගැනුණි. යුද්ධය ඇරඹුණු දින සිට ඊයේ (20) දහවල් දක්වා වූ කාලයේ දී ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරාන වැසියන් 639 දෙනකු හා ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 24දෙනකු පමණ මියගොස් ඇති බව බටහිර මානව හිමිකම් සංවිධාන පවසා ඇත. කෙසේ වුවද මෙම යුද්ධයෙන් මියගිය නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර පෙරේදා (19) රාත්‍රියේ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ යුද ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාරයන් එල්ල කර ඇති අතර ඉරානය විසින් දකුණු දිග ඊශ්‍රායලයේ පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ කාර්යාල සහිත ගොඩනැඟිලිවලට ආසන්න ප්‍රදේශයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිසා කාර්යාල ගණනාවක් ගිනි ගනිමින් පවතින බව වාර්තා විය. මෙම ප්‍රහාරයෙන් පස්දෙනකුට තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ධවල මන්දිරය විසින් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල පද්ධතියට දැඩි හානි සිදුව තිබීම නිසා ඉරාන බලධාරීන් විසින් මෙතෙක් අනුගමනය කළ දැඩි ස්ථාවරය වෙනස් කරමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සඳහා යොදා ගනු ලබන යුරේනියම් ලබා ගැනීමේ වැඩපිළිවෙළ අතහැර දැමීම ඇතුළු ඔවුන් කලින් ප්‍රතික්ෂේප කළ කොන්දේසි සඳහා එකඟතාවය පළ කරනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක උපදේශකවරුන් බලාපොරොත්තු වන බවයි.

ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ප්‍රධාන පුවත්

ට්‍රම්ප් බද්ද

ප්‍රධාන පුවත්

අලුත් 30%ට තවත් බදු එකතු වෙනවා – මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම

ප්‍රධාන පුවත්

නව වෙළෙඳපොළ හඳුනා ගත යුතුයි – ඇමැති වසන්ත සමරසිංහ

ප්‍රධාන පුවත්

ඇමරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට ගියොත් තව සුබදායකයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

ප්‍රධාන පුවත්

ලෝකය වෙනස් වී ඇති බව ට්‍රම්ප් දැනගත යුතුයි – බ්‍රසීල ජනාධිපති ලූලා ට්‍රම්ප්ට පිළිතුරු දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok