Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරාන ප්‍රහාර: මොසාඩ් මූලස්ථානය නුදුරේම ගිනිජාලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරාන ප්‍රහාර: මොසාඩ් මූලස්ථානය නුදුරේම ගිනිජාලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඉරාන ප්‍රහාර: මොසාඩ් මූලස්ථානය නුදුරේම ගිනිජාලා

3 days ago
3581 Views

ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම මගේ ඉලක්කයයි – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු

ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට කිට්ටු ප්‍රදේශ කිහිපයකට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් එම ස්ථානවල ගොඩනැඟිලි කිහිපයක් ගිනිබත් වූ බව ඊයේ වාර්තා විය. මොසාඩ් මූලස්ථානයට හානියක් සිදුවූ බවට එම පුවත් තහවුරු නොකළේය. මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම තම ඉලක්කය බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. අයතුල්ලා කොමේනිගේ ඝාතනය මෙම ගැටුම උග්‍ර නොකරනු ඇති බවත් එයින් ගැටුම අවසන් කරනු ඇති බවත් අගමැතිවරයා පවසා තිබේ.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා මරා දැමීමේ ඊශ්‍රායල සැලැස්මක් ප්‍රතික්ෂේප කළ බවට පෙරේදා වාර්තා පළවුවත් එය බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරයට ඉහළ අහස මත ‘පූර්ණ ගුවන් මෙහෙයුම් පාලනයක්’ සිදු කර ඇති බව ඊශ්‍රායලය පවසයි. ඔවුන් එය නිවේදනය කළේ, එරටට ප්‍රහාර එල්ල කර දින හතරකට පසුව ය.

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “සෑම කෙනෙකුම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුයි” යැයි ඊයේ ප්‍රකාශ කර තිබිණි. ‘හමුදා කඳවුරු’ ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති බව පවසමින් ඊසානදිග ටෙහෙරානයේ සමහර ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල නිලධාරීන් ඊයේ උදෑසන පදිංචිකරුවන්ට උපදෙස් දීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා තිබිණි.

ඊයේ දිනයේත් මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශවලට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී තිබිණි. සඳුදා දිනයේ එල්ලවූ මිසයිල ප්‍රහාර නිසා දෙදහසකට සිය නිවෙස් හැරයෑමට සිදුව තිබේ. එසේම ඊයේ දිනයේ ජෙරුසලමේ සහ ටෙල් අවිව්හි විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාර ගැන අනතුරු අඟවමින් ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාදවෙමින් තිබිණි.

ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය සුව අතට හැරී ඇති අතර නැවත ඔවුන්ට සේවය කිරීමේ අවස්ථාව දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඔහු කියා සිටියේ මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු පදිංචි ස්ථාන ද පිපිරීම්වලට ලක්ව ඇති බව යි.

මේ අතර ඊයේ පෙරවරුවේ ඉරානය ටෙල්අවිව් නුවර පිහිටි මොසාඩ් මූලස්ථානයට පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

සිකුරාදා සිට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

‘ජී හත’ සමුළුවට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් එම සංචාරය අවසන් කරමින් පිටව ගොස් තිබේ. ජී හත රටවල නායකයෝ ‘ගාසා තීරයේ සටන් විරාමයක් ඇතුළුව මැද පෙරදිග එදිරිවාදිකම් අවම කරන ලෙස’ ඉල්ලා ඇතත්, කැනඩාවේ පැවැති ඔවුන්ගේ සමුළුවේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඉල්ලා සිටීමෙන් වැළකී සිටියහ.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

1 day ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

6 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ගාල්ලේ බලය මාලිමාවට

ප්‍රධාන පුවත්

උදේ මුදල් යෝජනා ගෙනා නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

ප්‍රධාන පුවත්

යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්

ප්‍රධාන පුවත්

සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීමට ආයෝජන මණ්ඩලය අද සමත් වෙලා – ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි

ප්‍රධාන පුවත්

2029 වන තෙක් ශිෂ්‍යත්වයේ වෙනසක් නෑ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok