මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි. ගමන් බිමන් සැලසුම් කිරීම්, ආගමික උත්සව සංවිධාන කිරීම් වැනි දේවලට හේතුයි. රාජකාරි උනන්දුවෙන් කරයි. අමතර වියපැහැදම් ඇති වෙයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
ක්‍රියාකාරි දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකාරකම් යෙදේ. වැයපස ද ඉහළ යන දිනකි. අමතර ලාභ ගෙන දෙයි. කොන්දේ අමාරු, වාත වේදනා මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02
මිථුන
නව ක්‍රියාකාරකම් අත්හදා බැලීම් වැනි දේවලට හේතු ඇති වෙයි. සතුරු බලපෑම් ධමනය කර ගැනමේ ශක්තිය ඇති වෙයි. තම පවුලේ දියුණුව උදෙසා වෙහෙසෙන ආගමික උත්සව සංවිධානය කෙරෙන දිනකි. මුත්‍රා රෝග, උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 09
කටක
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික පුද පූජා වතාවත් ගරු කරයි. සමාජ සද්කාරක ක්‍රියාකාරකම් ආදියෙහි යෙදේ. උත්සව සාද වැනි දේවල ද යෙදෙන අතර වැය පස ඉහළ යන දිනකි. සෙම් කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 03
සිංහ
ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. දාන ශිලාදී ක්‍රියාවන්වල ද මුල්තැනදී ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවන ක්‍රියා යෙදේ. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
කාර්යබහුල වෙයි. දහමට යොමු වෙයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි. පොදු සද්කාර ක්‍රියාකාරකම්වල ද යෙදේ. සියලු ක්‍රියාවන්හි මූලිකත්වය ලැබ කටයුතුවල යෙදෙන දිනකි. අම්ලපිත්ත රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06
තුලා
දුරගමන්, වන්දනාගමන් වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. ආගමික උත්සවවල යෙදෙන අතර පොදු උත්සව සභාවන්හි යෙදෙන දිනකි. හදිසි ධන ලාභ ද ලබයි. බඩ, පපුව ආශ්‍රිත රෝග මතුවේ. ශුභ වර්ණය – අළු පැහැය, ජය අංකය – 07
වෘශ්චික
ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝ ඒ සඳහා යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීතිසාද උත්සවද යෙදේ. අවිවේකී බව ගෙන දෙයි. වැය පස ඉහළ යන දිනකි. මුත්‍රා රෝග, හමේ රෝග සාදයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 04
ධනු
අවිවේකී බව ගෙන දෙයි. කාර්යබහුලයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවේ. අමතර ලාභ ලබයි. සිරසගත රෝගාබාධ මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01
මකර
තරමක් ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව උත්සව ක්‍රියා ආදියෙහි යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08
කුම්භ
ක්‍රියාකාරි දිනකි. සමාජ සද්කාරක ක්‍රියා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නිවස උත්සවශ්‍රීයක් මතු කරයි. වැයපස ඉහළ යයි. ආගමික පුද පූජාවල යෙදේ. වාතාධික රෝග, සන්ධි රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05
මීන
ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති සාද උත්සවවල යෙදේ. නවක මිතුදම් ඇති කරයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 03