සිය රට ඉරානය සමග පැවැති සටන්වලදී පරම්පරා ගණනාවක් පවතින ආකාරයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත් බව ඉරානය සමග සටන් විරාමයකට එකඟ වීමෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ජාතිය අමතමින් ප්‍රකාශයට පත් කර තිබේ. සිය පරම සතුරා වන ඉරානයට කිසි විටක න්‍යෂ්ටික ආයුධයක් නිපදවීමේ ඉලක්කයට ළඟා වීමට හැකියාවක් නොමැති බව පවසා ඇති ඊශ්‍රායල අගමැතිවරයා එවැනි න්‍යෂ්ටික අවියක් ඉරානය විසින් නැවත තැනීමට උත්සාහ ගතහොත් එය වළක්වන බවද පවසා තිබේ.
ඉරානය සමග පැවති දින 12ක යුද්ධය නතර කරමින් සටන් විරාමයකට එළඹීමෙන් ඊශ්‍රායලයේ පැවැත්මට බලපා තිබූ තර්ජනයක් දෙකක් ඉවත් කළ බවත් ඉන් පළමුවැන්න න්‍යෂ්ටික ආයුධයක් හරහා සිදු වීමට ගිය විනාශය වන අතර දෙවැන්න ඉරානය විසින් නිපදවීමට ගිය බැලිස්ටික් මිසයිල 20,000ක් හරහා සිදුවීමට ගිය විනාශය බව විනාඩි 10ක කාලයක් පැවැත්වූ සිය කථාවේදී ඊශ්‍රායල අගමැතිවරයා පවසා තිබේ. අප ඒ සම්බන්ධයෙන් දැන්ම ක්‍රියා නොකළේ නම් නුදුරු අනාගතයේදීම ඊශ්‍රායලය විනාශයකට මුහුණ පෑමට ඉඩ තිබුණා යැයි අගමැති නෙතන්යාහු සඳහන් කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක් පිරිනමා ඇති ඊශ්‍රායල අගමැතිවරයා ඊශ්‍රායලයට ට්‍රම්ප් ජනාධිපතිවරයා වැනි මිතුරකු මෙයට පෙර ධවල මන්දිරය තුළ සිට නොමැති බවත් සිය රට සමග එක්ව සිදු කළ කාර්යභාරයට ඔහුට සිය ස්තුතිය පිරිනමන බව සඳහන් කර තිබේ.