Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයේ අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 62ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයේ අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 62ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ගාසා තීරයේ අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 62ක් මරුට

July 2, 2025
144 Views

මාධ්‍යවේදියකු ද ඒ අතර

සටන් විරාමයක් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි ගාසා වැසියන්ගේ එම බලාපොරොත්තුව සුන් කරලමින් එක රැයක් තුළ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා වැසියන් 62 දෙනකු පමණ මරුමුවට පත්ව ඇති අතර තවත් 75 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඉකුත් 27 වැනි සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා අලුයම දක්වා වූ කාලයේදී ගාසා තීරයේ අවන්හලක් වෙත එක දිගට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් මෙම මරණ සිදුව තිබේ. විදෙස් මාධ්‍යයන්ට අනුව අදාළ ප්‍රහාරයන් ගාසා නගරයේ පලස්තීන ක්‍රීඩාංගණයක් අසල පිහිටි අවතැන් වූවන් වෙසෙන නිවාසයකට ද එල්ල වී ඇති අතර අනතුරුව සෙනසුරාදා දහවල් එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් තවත් 11 දෙනකු මියගොස් තිබේ.

දකුණු ගාසා තීරයේ ‘අල් මාවසි’ ප්‍රදේශයේ පිහිටි තාවකාලික කූඩාරමක නිදාගෙන සිටි අවතැන් වූ පවුල්කම ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දියත් කර ඇති යුද්ධය හේතුවෙන් මේ වනවිට 56,000කට අධික පිරිසක්

මියගොස් ඇති අතර එම පිරිසෙන් හරි අඩක් කාන්තාවන් හා ළමුන් වේ. ඊශ්‍රායලය විසින් මාස දෙකහමාරක කාලයක් මුළුල්ලේ ගාසා තීරය සඳහා පනවා ඇති ආහාර සැපයුම අවහිර කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් එම තීරයේ ජනතාව අතර දරුණු ආහාර හිඟයක් හටගෙන ඇති බව ද වාර්තා විය.

පුද්ගලයන් 62 දෙනකුට මරු කැඳවමින් ගාසා තීරයේ අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් එම අවන්හලට දැඩි ලෙස හානි සිදුව ඇති අතර එම ස්ථානයෙන් දුමක් ඉහළ නඟින අයුරු සී. එන්. එන්. රූපවාහිනිය විසින් විකාශනය කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ අවන්හල ‘අල් බාකා’ යනුවෙන් නම් කර තිබූ අතර එය ශිෂ්‍යයන්, ජනමාධ්‍යවේදීන් මෙන්ම දුරබැහැර සිට පැමිණෙන සේවකයන් අතර ජනප්‍රිය අවන්හලක් බව වාර්තා වී තිබේ. මේ අතර මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර ඉස්මයිල් අබු හටාබ් නමැති නිදහස් මාධ්‍යවේදියා ද සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගාසා තීරයේ අවන්හලට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර මේ හේතුවෙන්ම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි ඇතැමකු පෙරේදා (30දා) දිනයේ මියගොස් තබේ.

මේ අතර ගාසා තීරයේ හමාස් මාධ්‍ය කාර්යාලයට අනුව ගාසා තීරයේ අවන්හලට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදියා සමගම ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති මුළු මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 228කි.

මේ අතර ඊශ්‍රායල නායකයන් විසින් ජූලි 07 වැනිදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසු ගාසා තීරයේ යුද්ධය පවත්වාගෙන යා යුත්තේ කෙලෙස ද යන්න පිළිබඳව සංවාදයක යෙදී සිටියදී ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයන් ගාසා නගරයේ අවන්හලකට එල්ල වී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍යයන්ට අනුව ඊශ්‍රායල අගමැතිවරයා ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද උනන්දුවෙන් පසුවේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

කේරළ හෙදියට යේමනයේදී මරණ දඩුවම ලබාදීම බදාදා

විදෙස්

කාම්බෝජ ජාතිකයන් මිලියනයක් මරා දැමුණු බන්ධනාගාර දෙකක්

විදෙස්

සම්පත් මත පදනම් වූ නව ආර්ථික ප්‍රවේශයක් ගැන චීන ජනපති අවධාරණය කරයි

විදෙස්

වසර දෙකක් තුළ ‘හූති’ කණ්ඩායම ප්‍රවාහන නැව් 70කට පහර දීලා

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 35ක බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok