ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවද ඊශ්‍රායල-ඉරාන යුද්ධය සඳහා එක් වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවට කර ඇති ප්‍රකාශයට ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශකයන්ගෙන් කොටසක් සහය දක්වා ඇති අතර තවත් කොටසක් විරුද්ධත්වය පළ කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප් විසින් ඇමරිකාවද ඊශ්‍රායල-ඉරාන යුද්ධයේදී ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව විනාඩි 90ක පමණ කාලයක් සිය ජාතික ආරක්ෂක උපදේශකයන් සමග පැවති රැස්වීමකදී පවසා තිබිණි.
මේ අතර ඇමරිකානු විචාරකයන්ට අනුව ඉරානයේ පොළව යටින් පිහිටි ‘ෆොඩෝ’ නමැති න්‍යෂ්ටික පහසුකම විනාශ කිරීමට හැක්කේ ඇමරිකාවට පමණක් වන අතර එය සිදු කළ හැකි රාත්තල් 30,000 ක බරැති බෝම්බයක් ඇමරිකාව සතුව පවතී.