සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි පල්ලියක පෙරේදා (22දා) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනකු මියගොස් තවත් 63 දෙනකු තුවාල ලබා තිබේ.
පෙරේදා සවස ඩැමස්කස් අගනුවර පිහිටි ග්‍රීක සාම්ප්‍රදායික පල්ලියක පැවැති දේව මෙහෙයක් අතරතුර පල්ලියට ඇතුළු වූ ගිනි අවියක් රැගත් පුද්ගලයකු විසිස් එම මෙහෙයට සහභාගි වූ පිරිසට වෙඩි තබා ඇති අතර පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. සැකකරු පල්ලියේ සිවු දෙසට වෙඩි තැබීමෙන් පසු සිය උදරයේ සවිකර තිබූ බෝම්බය පුපුරුවා හැරීමට උත්සාහ ගත් අවස්ථාවේ එය වැළැක්වීමට රැස්ව සිටි පිරිස උත්සාහ දැරූවද එය අසාර්ථක වී ඇත. මෙම වෙඩි හා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පල්ලිය තුළ ගින්නක් හටගෙන ඇති අතර මියගිය පුද්ගලයන්ගේ සිරුරු පල්ලිය තුළ මෙන්ම බිත්ති කණු මතට විසි වී ගොස් තිබූ බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු අයිසිස් (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානයට අයත් අයකු බවට සැක කළද එම සංවිධානය විසින් එහි වගකීම භාරගෙන නොතිබූ බව විදේස් මාධ්‍ය පවසයි.
සංස්කරණය ඒමන්ති මාරඹේ